IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප

(රෝෂන් තුෂාර)

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා,  ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින්  බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු  උලපනේ සුමංගල හිමි , හිටපු නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26)නියෝග කළේය.

නරාහේන්පිට දාබරේ මාවතේ අනවසර පැල්පත් නිවාස හතකට නිකුත් කළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ දී ඊට විරෝධය පළකර බාධා කළේ යැයි චෝදනා ලබා නීතිඥවරුන් මාර්ගයෙන් පසුගිය 22 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටි මෙන්පසු බන්ධනාගාර ගත වූ උලපනේ සුමංගල හිමි,කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ ,ඔහුගේ බිරිඳ වන හිටපු නාගරික මන්ත්‍රීනි දේවිකා මාතරආරච්චි ,සමීර චතුරංග හා පුබුදු ලක්මාල්  මෙසේ ඇප මත නිදහස් කෙරිණි.

පළවෙනි සැකකාර සමීර චතුරංගට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ස්වාමීන් වහන්සේ ඇතුළු සිසු සැකකරුවන්ට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කළර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site