
(රංජිත් රාජපක්ෂ)
උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.
වම්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා කිලෝව රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙළෙඳන් කියා සිටියේය.
අමු මිරිස් කිලෝවක් රු 500 , නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්,ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙළෙන්දෝ කියා සිටියහ.
මේ අතර කුකුල් මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එසේ කුකුල් මස්වල මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් වෙළෙන්දෝ පැවැසූහ.
COMMENTS
කොහොමද මෙච්චර බඩු ගණන් යන්නේ ?
කෝ මේ පින්පති ඇතුළු පොහොට්ටු හොරු සෙට් එක ? මිනිසුන්ට මේ ජිවන වියදම් දරාගන්න බැහැ , කරන්න බැරිනම් අස්වෙලා යනවල
කමක් නැහැ ඩොලර් එක දැන් ලාබයි නේ .රුපියල් 298.02
රුපියල ඉහල ගියා කියලා තිබුනා.මේ ශ්‍රීලංකන් රුපියල ද නැත්නම් ඉන්දියන් රුපියලද?
කඩකාරයින්ට ඕනෑ විදිහටයි අද මිල පාලනය කරන්නේ...!
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකන් රට ඉවරයි..