
(යොහාන් භාසුර)
උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාස ද, දෙවැනි කොටසේ ඉදිරිකිරීම් ලබන සැප්තැම්බර් මාස ද, අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කළ බව කී අමාත්‍ය විජේසේකර මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක් එකතු වන බව ද සඳහන් කළේය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යපෘති කළමනාකරු සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උමා ඔය අගෝස්තුවේ සිට වැඩ
HARAMANIS Friday, 19 May 2023 03:10 PM
උමා ඔයේ ලීක් එකක් තියෙනවා කියලා සමන්ත විද්‍යාරත්න මයා ඉස්සර කිව්වා. දැන් ඒ ලීක් එක නැද්ද?
Karolis MalayaFriday, 19 May 2023 04:16 PM
ඒ ගැන නම් කියන්න ලැජ්ජයි. හරමානිස් අයියේ ඔයා පිළිගන්නවා නම් පිළිගන්න සමන්ත ඒ ගැන කතාකරද්දී රෙද්ද පල්ලෙන් වැගිරුනු දේවල් ප්‍රමාණය කොතරම්ද කිව්වොත් ඒවා දමලා තමයි යන්තමින් හරි ලීක් එක වහගත්තේ...