IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී

ගුවන් යානා අනතුරින් මියගිය, මලාවි උප ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අතර, දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැදුණි. 

එම මෝටර් රථයට යට වීමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මලාවි රජය පවසා තිබේ. මෙම අනතුර සිදුවූයේ අවමංගල රිය පෙරහර ට්චෙචු නමැති ගම්මානය පසු කරද්දීය. 

අවමංගල රථය, දේහය රැගත් රිය පෙරහරේ ඉදිරියෙන් ගමන් කළේ පොලිස් යතුරු පැදිකරුවන් පිරිවරා ගනිමිනි. පසුපසින් උප ජනාධිපතිවරයාගේ පක්ෂ සාමාජිකයන්, ඥාති මිත්‍රාදීන් ඔවුන්ගේ පෞද්ගලික වාහනවලන් පැමිණි බව පැවැසෙයි.

මලාවි වැසියන් පොරකමින් උප ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට තැත් කරද්දී, එසේ පසුපසින් ධාවනය වෙමින් තිබුඛු එක් මෝටර් රථයක් පොරකමින් දේහයට දැක ගැනීමට උත්සාහ කළ පිරිස අතරට කඩා වැදුණු බව මලාවි මාධ්‍ය වාර්තා කරයි.

මලාවි අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. 51 හැවිරිදි උප ජනාධිපති සවුලෝස් චිලීමා අභාවප්‍රාන්ත වූයේ ඉකුත් 11 වැනිදාය. ඒ, ඔහු ගමන් කරමින් සිටි හමුදා යානය අයහපත් කාලගුණය හේතුවෙන් කඩා වැටීමෙනි. උප ජනාධිපති චිලීමා ගමන් කළේ මලාවි හමුදාවේ ‘එයාර් විංග් ඩෝනියෙර් 228-202 කේ’ වර්ගයේ කුඩා ගුවන් යානයකිනි.

(ඒ.එෆ්.පී)



අදහස් (1)

උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී

Ruwan De Silva Monday, 17 June 2024 05:30 PM

අපේ රටේ ජනපති මැරුණා නම් 100-200 ක් වත් මළ ගෙදරට එන්නේ නෑ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site