IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


උපයනවිට බද්ධ වෙනස් වේ

(රංජන් කස්තුරි)

උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට 12ක් ලෙස සංශෝධනය කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා රුපියල් 40,000 හෝ වැටුපෙන් සියයට 12.5 ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් 5000 හෝ බැටුපෙන් සියයට 2.5ක ප්‍රතිලාභය බද්දෙන් ඉවත් කර තිබේ.

ඇන්ජින් ධාරිතාවය ඝන සෙන්ටි මීටර් 1800ට අඩු සහ ඝත සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000 සහ 75,000 ලෙස සැලකූ ප්‍රතිලාභය රුපියල් 20,000 ක් රියදුරු සඳහා රුපියල් 10,000ක සහ ඉන්ධන සඳහා රුපියල් 20,000 ක් ලෙස වෙනස්කර තිබේ.

තවද ඉන්ධන දීමනාව සියයට 100ක්ම බද්දට යටත් වූ අතර එය සියයට 25 දක්වා අඩු කර තිබේ. 

කේෂ්ත්‍ර රාජකාරි සඳහා ලබාදී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දි සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25ක් ලෙස සැලකූ  ප්‍රතිලාභය කිලෝ මීටරයට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000 ක් යන දෙකෙන් අඩු ප්‍රමාණය ලෙස සංශෝධනය කර තිබේ. 



අදහස් (8)

උපයනවිට බද්ධ වෙනස් වේ

dilan Wednesday, 08 February 2023 04:26 PM

ඔය සෙප්පඩ විජ්ජා වලින් වැඩක් නෑ .සීමාව 200000/= කර උපරිම සීමාව 24% කරනකම් උඹට ගැලවීමක් නැත

:       14       40

sriyal Wednesday, 08 February 2023 04:35 PM

දේශපාලකයින්ට හා ඉහළ නිලධාරීන්ට වැටුප් වැඩිවීම් ලබාදී ඇත...

:       5       31

රංජිත් Wednesday, 08 February 2023 05:31 PM

යකෝ බද්ද අඩුකරලා තියෙන්නේ ඇමතින්ටයි, ලේකම්වරුන්ටයිනේ... මේක හරියන්නෑ. සෙප්පට විජ්ජා වැඩක් නෑ.

:       2       29

ravinWednesday, 08 February 2023 06:48 PM

මේ බදු ක්‍රමයට ඇමැතිවරුත් අයත්ද?

:       3       9

රන්ජන් Wednesday, 08 February 2023 09:05 PM

අයිති උනේ නැ. උන්ගේ බේසික් පඩිය 60,000. ලක්ශ 20ක් විතර හෙව්වට උන් හොයන්නේ මුල්‍ය නොවෙන දීමනාවලින්. වැඩිම ගාන හොයන්නේ පර්මිට් එකෙන්. ඊට පස්සේ තෙල්. ඒකෙන් හොයනවා ලක්ස 5,6ක් මාසෙට. ඊට පස්සේ ගෙවල් කුලී. ඒකත් මාසෙකට ලක්ස 3ක්. පුද්ගලික කාර්යාල මණ්ඩලේට කියලා තව ලක්ශ 4ක් විතර හොයනවා

:       0       3

gunda Wednesday, 08 February 2023 10:13 PM

ලක්ෂයට වඩා වැඩි වැටුප් හෝ ආදායම් ලබන සෑම සේවකයකුගෙන්ම 20% ක් උපයනවිට බද්දක් අය කල යුතුය

:       1       0

Kapila Thursday, 09 February 2023 12:30 AM

නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ අනික් යට හුළං

:       0       1

prasad Thursday, 09 February 2023 03:16 AM

සෑම ශරීරයකටම අවශ්‍ය රට සිංගප්පූරුවක් වෙනවාට. නමුත් කිසිම ආයතනයක් බදු ගෙවීමට කැමති නැත. බදු ගෙවීම සහ දූෂිත දේශපාලකයින් වෙනස් ගැටළු දෙකකි. දැන් ඕස්ට්‍රේලියාවට, ඩුබායි, NZ, එංගලන්තයට සංක්‍රමණය වන මිනිසුන්ට බදු නොගෙවා සිටිය හැකි යැයි ඔබ සිතනවාද? ඔවුන් ආදායම් බද්දෙන් 20-30% ක් සහ අනෙකුත් රජයේ සේවාවන් සඳහා වැඩි මුදලක් ගෙවයි. බදු ගෙවා දූෂිත දේශපාලකයින් පලවා හරින්න. දූෂිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 225 දෙනා ඇතුළු සමස්ත පද්ධතියම පිරිසිදු කිරීමට ජනතාව වන අපට අවශ්‍යයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 963 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site