(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
ඒ අනුව මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය 2022 මැයි 31 දක්වා නීති විරෝධීව ගෙවා ඇති බව රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.
මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව ඔහු සඳහන් කළේය.
සමස්ත ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් ඇතුළතදී දැනුම්දෙන ලෙසට කමිටුව නිලධාරින්ට නියෝග කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 6 වැනිදා රැස්විය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපයෝගීතාවේ බෙන්ස් එකට කෝප් කමිටුවෙන් දෝස්මුරයක්
Rata Perata Sunday, 10 September 2023 12:24 PM
හිටපු සභාපති ත් මෙ වගෙ එහෙයියෙක් උනානම් කිසිම ප්‍රශ්නයක් නෑ. අඩුගානෙ එ මනුස්සය ජනතාව පැත්තෙන් බැලුව. මෙයා ඇවිල්ල ගොට්ට අල්ලල වැජබෙන්න වගේ හදන්නෙ. මෙ එක කාර් එකට මෙච්චර කතා කරනව. හිටපු ජනපතිල වාහන 500 ක් පවිච්චිකලා කියනව, ඒවට කිසි කතාවක් නෑ. පිස්සො රජකරන සුන්දර රටක් මෙක.
Perakum Sunday, 10 September 2023 12:30 PM
ඔය කියන කොමිටිවලින් මෙච්චර කාලෙකට මොනවාද කරලා තියෙන්නේ? කාලය සහ මහජන මුදල් නාස්ති නොකර යන තැනක යනවලාකෝ…!
Nimal Sunday, 10 September 2023 12:52 PM
මෙයා සුදනා වගේ සිටිමින්, අනෙක් අයට චෝදනා එල්ල කරමින් කර තිබෙන වැඩ නම් අතිශය දූෂිතයි. එළවලාම දෙමු.... ඒක බොහෝම හොඳයි. වාහන කුලිය වශයෙන් මුදල් ගෙවා තිබෙන්නේ රේඛනය නොකළ මුදල් චෙක්පත් මගින්... මෙවැනි මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද?
Mh Mohan Sunday, 10 September 2023 01:10 PM
මේවා නිවුස් විතරයි දඬුවම් කෝ...?
Nimal Sunday, 10 September 2023 01:18 PM
දැන් ලංකාවේ ඉන්න ලොකුම හොර බොරු කාරයින්...!
pj Monday, 11 September 2023 05:36 AM
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා කරන ප්‍රකාශද අනාගතයේදී මෙවැනි තත්වයකට පත්වන බවක් පෙනේ...