IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උපාධිධාරි තරුණිය හදිසියේ මියගිහින්

(පාලිත මඩුගල්ලේ)

ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත් වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මිය ගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.

හුන්නස්ගිරියේ රඹුක්පොත පදිංචි පිලිප් නග්මා නමැති යුවතියක මෙලෙස මිය ගොස් ඇත. ඊට අදාළ මරණ පරීක්ෂණය තෙල්දෙණිය රෝහලේදී සිදු කෙරිණි.

උඩදුම්බර පොලිසියේ පොලිස් සැරයන් අබේසිංහ මහතාගේ ( 27139) සාක්ෂි මෙහෙයවීම යටතේ මැදදුම්බර හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පී.කේ. අබේරත්න මහතා පැවැත්වූ මරණ පරීක්ෂණයේදී මිය ගිය යුවතියගේ පියා සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය.

" මගේ දුව හුන්නස්ගිරිය ශිවනේෂ්වරා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සෙ මඩකලපුව විශ්ව විද්‍යාලයට තේරුණා. උපාධිය ලබා ගැනීමෙන් පසුව ග්‍රාම නිලධාරි විභාගයට පෙනී හිටියා. ග්‍රාම නිලධාරි විභාගය පාස් වෙලා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පත් වීම ලැබුණා. එහිදී පුහුණුව ලබා සිටින කාලයේදී තමයි දුව මිය ගියේ. දුව ගොඩක් දුක් මහන්සි වෙලයි ඉගෙන ගත්තේ. දුව මිය ගිය එක ගැන මමයි මගේ බිරිඳයි ගොඩක් දුක් වෙනවා."

තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.ආර්. අනුරුද්ධ රත්නායක මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා මොළයේ තිබූ ගෙඩියක් පිපිරී රුධිරය වහනය වීමෙන් මරණය සිදු වී ඇති බව ප්‍රකාශ කළේය.



අදහස් (1)

උපාධිධාරි තරුණිය හදිසියේ මියගිහින්

Lalla Wednesday, 17 July 2024 09:41 AM

උපාධිය සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වීම. හොඳ වගේම නරක අතට හැරෙන්නට හැකියි. ආපදා පටන් ඉහල තනතුරුවලට යන්න දඟලන්න ඉඩ නැතිද?

:       16       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site