IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උපදේශක රොත්තකට පිං පඩි දීලා

(සුජිත් හේවාජුලිගේ)

මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතු වලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2021 වසරේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.

විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත් ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය නොකිරීම හේතුවෙන් වසර  21 කට වැඩි කාලයක් තිස්සේ  ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත කොමිෂන් සභාවේ නියාමනයට යටත්වී   නොතිබූ   බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2017 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා උපයා ගත් ආයෝජන ආදායම් මත ගෙවිය යුතු මුළු බදු මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි නවයක්  බව  විගණන අංශවලට නිරීක්ෂණයවී ඇත. විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල මේ සඳහා කිසිදු  ප්‍රතිපාදනයක්  කර නොතිබුණු බව වාර්තාවේ සඳහන්වේ.

කොමිෂන් සභාව බද්දට යටත් වන අයෝජන ආදායම් ඉපයුවද දේශීය ආදායම් පනත අනුව  බදු ගෙවීම නොකරන  බවද  විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.



අදහස් (2)

උපදේශක රොත්තකට පිං පඩි දීලා

පිටරටවැසියා Wednesday, 12 February 2025 05:46 PM

මේ කාලේම නේද අර දූෂණයෙන් තොර රටක් හදන්න කියලා ජනපතිවරණේට ඉදිරිපත්වෙච්චි සභාපතියා හිටියේ? වැරැදිලාවත් ජනපති වුණා නම් රටට අබම සරණයි...

:       1       22

Business Wednesday, 12 February 2025 05:59 PM

දැනට පවතින රජයේ මූල්‍ය ක්‍රියාකාරකම් පවා මාස 3 න් 3 ට වත් විගණනය කරන්න. ප්‍රශ්න පරණ වුණාම උත්තර දෙන්න කෙනෙක් නෑ. අල්ලා ගන්න කෙනෙක් නෑ.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site