
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළේය.
නොවැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 1.0 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය නොවැම්බර් මාසයේ සියයට 0.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ආහාර නොවන කාණ්ඩයේ නොවැම්බර් මස උද්ධමනය සියයට සෘණ 3.1 ක පැවැති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය නොවැම්බර් මාස සියයට සෘණ 2.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ දෙපාර්තමේන්තුවේ අයට එළොව පොල් කැවිලවත්ද? එහෙමත් නැතිනම් 'කොළඹ" කියලා අදහස් කරලා තියෙන්නේ බ්‍රසීලයේ 'කලම්බෝ" නගරයවත්ද? මම එහෙම අහන්නේ, දවස් 9කට විතර කලින් පොල් ගෙඩි 3ක් ගත්තේ රුපියල් 535/-කට...
සුනාමියක් එන්න කලින් මුහුද අතුලට යනවා. මෝඩ ජෙබයියෝ ගිහිං සතුටින් මාළු ඇහිදිනවා
නන්දලාල් ඉන්නකම් ආර්ථිකය මෙහෙමවත් පාලනය වෙයි. පචයයි පඹයො 159 දෙනයි කලානම් මෙලහට ඩොලරය රුපියල් 350 පන්නලා
උද්ධමනය අඩු වුනේ මොන රටේද? චීනයේ වෙන්න ඇති නේ?
මහ බැංකුවෙන් නම් සෘණ ගාණට උද්ධමනය අඩුවීම ගැන පැහැදිලි කිරීමක් කළා. සාමාන්‍ය මට්ටමට උද්ධමනය (5%) එන කාලයත් ප්‍රකාශ කළා. ටෙලිෆෝන් මහත්තුරු කලබල වෙලා...
උදේට ඇහැරුණාම එන්න හිරු බලන්න මේ කමෙන්ටු කරුවන් සමග...