IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උදුවප් පොහෝය අදයි

(සසංක ගිම්හාන)

උදුවප් පොහොය අදයි උදුවප් පොහොය වසරේ අවසන් පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ උදුවප් පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි.

ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට වැඩම කළ සංඝමිත්තා මහ තෙරණිය කහවන් හැඳ දසසිල් සමාදන් වී සිටි අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් සසුන් ගත කරවමින් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළේ අද වන් පොහෝ දිනකය.

ඒ මිහිදු මාහිමියන්ගේ මූලිකත්වයෙනි. එසේම සුමනසමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමගින් සමනල කන්දට වැඩම කළේ අද වන් පොහෝ දිනයක වන අතර සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේද උදුවප් පොහෝ දිනයෙන්ය. එයින් ඇරඹෙන සිරිපා වාරය ලබන වෙසක් පොහොයෙන් අවසන් වෙයි.

 



අදහස් (0)

උදුවප් පොහෝය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 80 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site