
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත්තා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා අද (10) නියෝග කළේය.
මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් හේතූවෙන් සැකකාර උදයංග වීරතුංග නමැත්තා විසින් ප්ලාස්ටික් බටයකින් අසල්වැසි නිවසේ පදිංචි ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තාට ඇන ඇතැයි කියමින් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සැකකාර උදයංග වීරතුංග නැමැත්තා සහ පැමිණිලිකාර ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තා නුගේගොඩ, තලපත්පිටිය, කනත්ත පාරේ එකිනෙක ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් බව දැනුම් දුන්හ.
පහර කෑමට ලක්වු චන්ද්‍රසිරි නමැත්තා විසින් බඳින ලද මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා මිරිහාන මූලස්ථාන පොලිසියේ. විවිධ පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ අවධානය යොමු කළ බවත් දැනුම් දුන් පොලිස් නිලධාරීන් එකඟතාවයක් ලබාගෙන මායිම් බිත්තිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දෙපාර්ශවයට දැනුම් දී තිබු බවත් දැනුම් දුන්හ.
එසේ තිබියදී සැකකරු ඊයේ (09) පෙදෙරේරුවන් ගෙන්වා මායිම් බිත්තිය කඩා සංවර්ධනය කිරීමට යෑමේදී පැමිණිලිකරු නීතිඥ උපදෙස් මත බැල්කනියේ සිට එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද එසේ සිටියදී සැකකරු මුලින් ගලකින් පහර දී ඇතත් එහි ඉලක්කය වැරදි ගොස් ඇතැයිද පසුව ඔහු අඩි 12 ක් පමණ දිග ප්ලාස්ටික් බටයක් ගෙන ඉන් පැමිණිලිකරුට ඇන ඇතැයිද දැනුම් දුන් පොලිසිය එම පහරින් පුද්ගලයාගේ වම් ඇසට යටින් විශාල තුවාලයක් වී ඇතැයිද දැනුම් දුන්හ.
එම තුවාලයට මැහුම් පහක් යොදා ඇතැයිද තුවාලකරු මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 11 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද දැනුම් දුන් පොලිසිය පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම, සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින වාර්තා කිරීමට පොලිසියට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන මූලස්ථාන පොලිසිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වි. කුලරත්න බණ්ඩාර, සැරයන් 7481 කීර්ති යන නිලධාරීන් පෙනී සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය රන් හා සමාන නම් පැමිණිල්ලක් ලැබුණාම එතැනට ගොස් විමර්ශනයක් කරලා වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? තාක්ෂණය දියුණුව පවතින මේ කාලයේ කට වචනයෙන් ගන්නා ශාක්ෂි මුද්‍රණය කර ගන්න පුළුවන් එම ස්ථානයේ ඡායාරූප ගන්න පුළුවන්. කාලයත් ඉතිරි වෙනවා රිමාන්ඩ් කළ අය පෝශණය කරන්න යන වියදමත් ඉතිරිවෙනවා... අදහස වැරැදි නම් පැහැදිලි කරන්න...
අනිත් නෑයෝ ළඟම එනවා…. එතකන් අල්ලගෙන ඉන්න. ගුඩ් ලක්...!
මිග් යානා ගනුදෙනු නඩුව නිදහස්ද?
කප්පම් ගන්න ගිහින් මාට්‍ටු වෙච්ච මාලිමා ආචාරියයි කසිප්පු කාරයයි ගන්නේ කවද්ද? සතොස හාල් ටෙන්ඩර් 4 ම කැන්සල් කරගෙන හාල්වලින් කිලෝ එකකින් රුපියල් 40 ගානේ මාටියා ගහලා හාල් ටොන් 70,000කින් කෝටි 280ක් මාටියා ගහන ඇමතියා ගන්නේ කවද්ද? හිටපු අය නෙමේ මොවුන් තමයි හොරු...