IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උදයංගට - කපිලට ඇමරිකාවෙන් සම්බාධක

(විමුක්ති එස් රුද්‍රිගු)

දූෂණ හා වංචාවන්ට සහ මානව හිමිකම් කඩකිරීම් වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙදෙනෙකුට ඊයේ (09) සම්බාධක සහ වීසා සීමා කිරීම් පැනවූ අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන්ද ඇතුළත්ව සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පවතින වෙළඳපොළ මිලට වඩා වැඩි මුදලකට ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයා බස් මිලදී ගැනීම සඳහා කපිල චන්ද්‍රසේන මහතා පගාවක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඔහු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බැවින් චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ට සම්බාධක, වීසා සීමා කිරීම් පනවන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.

උදයංග වීරතුංග මහතා ලංකා හමුදාවට මිත්‍යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත යෝජනා ක්‍රමයක් අනුගමනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බවත් හේතුවෙන් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක සහ වීසා සීමා කිරීම් පනවන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.



අදහස් (7)

උදයංගට - කපිලට ඇමරිකාවෙන් සම්බාධක

පිටිගල මිලානෝ Tuesday, 10 December 2024 04:35 PM

එයාර්බස් අල්ලස් සිද්ධිය අහුවෙන්නේ ඇමරිකානු එෆ් බී අයි පරීක්ෂණයකදී. මේ අල්ලස ලැබෙන්නේ සාටක බේබිට. කපටි බේබි ඒක අල්ලන්නෙවත් නැතුව එකල එයා ලංකා ප්‍රධාන විධායකගේ ගෑණිගේ නමට සිංගප්පූරුවේ ගිනුමක් ඇර එයට ගෙන්නා ගන්නවා. දැන් මේ දෙන්නම ඔස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ. ඔස්ට්‍රේලියානු බලධාරීන්ව දැනුවත් කරන්න මෙම හොර වංචනික යුවල ගැන.

:       0       0

පිටරටවැසියා Tuesday, 10 December 2024 05:33 PM

පසුගිය කාලවල්වල හොරකම්, වංචා, දූෂණ වුණේ නැතිගානටනේ බත්කන හරක්ටික දිවා-රෑ තප්පුලන්නේ. එතකොට මේ මොනවද දන්නෑ...

:       4       36

fairoos Tuesday, 10 December 2024 07:06 PM

දෙන්නම ඇතුළේ ඉන්න ඕනෑ අය නේද? දැන්වත් මේවා ඔප්පුකරන්න බැරිවෙයිද?

:       0       0

රුවන් Wednesday, 11 December 2024 06:50 AM

රනිල් කිව්වා නේද වැඩියෙන් ඇමරිකාව උදව් කරන්නේ එයාට විතරයි කියලා? දැන් හිටලු ආන්ඩුවේ හොරුන්ට සම්බාධක දානවා. ට්‍රම්ප් ආවාම රාජපක්ෂ හොරුන්ටත් ඇමරිකාවට යන්න බැරි වෙයි.

:       0       0

Kazi Shajahan Wednesday, 11 December 2024 08:56 AM

මොවුන්ට තවමත් ලංකාවෙන් කන්න, බොන්න, නිදාගන්න දෙනවනේ... හොර හැත්ත...

:       0       0

m. saman perera Wednesday, 11 December 2024 12:01 PM

රාජපක්ෂලාගේ දෙන්නෙක් තමයි

:       1       4

Kamal Koyrala Wednesday, 11 December 2024 05:44 PM

අප්පේ ඇති යාන්තම් හිරේ නොයවා වීසා කෑන්සල් කරපු එක. ඇමෙරිකාව විතරද? තව රටවල් තියෙන්නේ යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site