(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5.6 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඔක්තෝබර් මස සියයට 61.3ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද නොවැම්බර් මස සියයට 60.4 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
නොවැම්බර් මස සියයට 65 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 33.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 31.0 ක දායකත්වයක් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උද්ධමනය නොවැම්බර්යේ සියයට 5කින් පහළට
sene Thursday, 22 December 2022 07:50 AM
මේ දත්ත කොහෙන් එන ඒවාද? ගණනයේදී භාවිතා කරන භාණ්ඩ මොනවාද? ජනතාවට කියන්න...
pakeer Thursday, 22 December 2022 08:43 AM
මිනිස්සුන්ට කන්න සල්ලි නැහැ...
sharm warn Thursday, 22 December 2022 11:02 AM
මහබැංකුව හොරු සමග හෙළුවෙන්... මෙච්චරකල් කියපු සංඛ්‍යා ලේඛන දත්ත කොච්චර ‘‘ඇත්තද‘‘ කියලා මෙයින් අවබෝධ කරගෙන සසරින් එතෙර වන්න ජනතාවනි.., සතොසින් පරිප්පුයි, තව මොනවදැයි රුපියල් 5 කින් අඩුකරලා ජනතාවට විශාල වාසියක් දුන්නනේ... ඒක වෙන්න ඇති...
athuraThursday, 22 December 2022 11:39 AM
සතොසට වැඩිය ගණන් අඩුයි ආර්ථිකේ.මිනිස්සු හිතන්නෙ එතැන තියෙන්නෙ තොග ගන්න අයට විතරයි කියල
sharm warnThursday, 22 December 2022 12:00 PM
පොදුවේ ගත්තාම සාමාන්‍ය එළවළු එක්ක බඩුමල්ලක් ගන්නකෝ, එක සතියකටත් එපා. එක දවසක වියදම. අඩුගානේ 4ක් ඉන්න පවුලකට... ඒක කියකින් වැඩිවෙලා සතියක්, දෙකක් යනකොට...? කිරිපිටිම බලන්නකෝ... මේ දත්ත හදන අය ඉන්නේ ලංකාවේ නම් වෙන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පිනට කන කට්ටියක් වෙන්න ඕනෑ. හොරකම් කරපු සල්ලිවලින් කෑවත්, බඩුගන්න කඩේටම යන්න එපැයි..