
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
අගෝස්තු මස සියයට 70.2 ක් ලෙස සටහන් වූ උද්ධමනය සැප්තැම්බර් මාසයේ මෙලෙස සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් අගෝස්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84.6 ක් ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 85.8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මස සියයට 57.1 ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 62.8 ක් දක්වා ඉහළ ගොස් ඇත.
සියයට 73.7 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 40.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 32.9 දායකත්වයක් ලබා දී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මෙවර උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය තවත් ඉහළට