
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කර ඇති බවයි.
මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට ලබාදී ඉකුත් 12 වැනිදා විදේශගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්දිකගේ නාටකයේ ඒ.එස්.පී ගේන්න උසාවියේ පිහිට පතයි
SANTU Friday, 14 June 2024 11:11 PM
විහිළුවට හරි මෙයාට වැදෙන්නම වෙඩි තියන්න තිබුණේ.. කාලකණ්ණි.. වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යැව්වේ මේ වගේ අයද?
kotiya Sunday, 16 June 2024 04:01 AM
දැන් ඉතින් ඌව ගෙන්න ගන්නත් තව අත්සන් දහදාහක් ගහන්න එපෑ. එක්කො ජනාධිපතිගේ අත්සන සීල් එකක් කපලා සීල් එක ගැහුවා නම් මේ පොලිස් කාරයයි, ජූඩ් සාමාන්තයි දෙන්නවාම ලේසියෙන් ගෙන්න ගන්න තිබ්බා.