IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති

(සිතුම් චතුරංග)

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය.

යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු  එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ.

නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණයන් හි දෛණික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩිඅපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදුවිය.

මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.

 



අදහස් (11)

උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති

pakeer Tuesday, 03 October 2023 01:41 PM

හොඳම දේ ඒක තමයි

:       0       0

fairoos Tuesday, 03 October 2023 02:18 PM

දැන් බයියෝ කියා කොටි නැගිටිනවා කියලා

:       0       0

Lal Tuesday, 03 October 2023 03:00 PM

දීප ව්‍යාප්ත විරෝධතාවයක් පැවැත්විය යුතුයි සියලුම නීතිඥවරු අත්වැල් බැඳගන්න

:       21       28

Rata Perata Tuesday, 03 October 2023 04:14 PM

රටෙ සියලුම නඩුකාරවරු නඩු කටයුතුවලින් ඉවත් විය යුතුයි. නැත්නම් මෙ රටෙ නීඑතියක් නති වෙනව.

:       1       0

විපරමා Tuesday, 03 October 2023 04:34 PM

මුලතිව් මහෙස්ත්‍රාත්තුතුමා ඉල්ලා අස් උනේ කාලකන්නි දුශිත දේසපාලුවන්ගෙන් එල්ලවූ බලපෑම් නිසා.

:       0       0

Indika Baddegamage Tuesday, 03 October 2023 04:40 PM

ඒ කත් පුල්ලි වැඩක් වගේ!!¡ අර කවුද කියලා තිබුණා වගේ නඩුව ට බලපෑම් ආවනං එකට කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? මෙයත් රට ගිහින් සරණාගත ලිස්ට් එකකින් ගොඩයන්න වගේ හදන්නේ!!!

:       0       0

nimal Tuesday, 03 October 2023 05:38 PM

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතා වෙත එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර තර්ජනය කිරීමට හේතුව සහ එසේ කළ පුද්ගලයින් පිළිබඳව අධිකරණය සොයාබලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුවේ...

:       0       0

Deepal Nirosh Tuesday, 03 October 2023 05:39 PM

මහේස්ත්‍රාත්වරයාට එල්ල වූ බව කියන මරණ තර්ජනය පිළිබඳව අනිවාර්යයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. හැබැයි සියල්ලටම පෙර එතුමා පොල්සියට හෝ වගකිවයුතු බලධරයාට හෝ විධිමත් පැමිණිල්ලක් කළ යුතුයි. මේ උගත් නීතිඥ මහත්ම මහත්මීන් හෝ මේ වර්ජනයට පෙර ඒ පැමිණිල්ල කරලා සිටියා නම් නේද පරීක්ෂයක් කරන්න පුළුවන් වෙන්නේ...?

:       0       1

Nathalie Tuesday, 03 October 2023 06:18 PM

අපිට පාන්ද? කවදාවත් එයා කිව්වේ නෑ එයාට මරන තර්ජන කියලා. හිටපු ගමන් එන්නේ ඔය කොටි සෙවනැලි. අනික අපේ පන්සල්වලට එයා දුන්නේම කොටියන්ගේ තීන්දු. ඉතින් ඔවුන් වැඩ කළත්, නොකළත් අපට මොකද?

:       0       1

CHANDIMA Wednesday, 04 October 2023 01:57 AM

තව සෑහෙන කට්ටිය කැනඩාවට ගිහින් දේශපාලන රැකවරණ ගන්න හිතන් ඉන්නවා වගේ...!

:       0       0

Bunny Preena Wednesday, 04 October 2023 09:36 AM

මට තියෙන ගැටලුව තමයි ඇයි එතුමා නීති මගින් මෙම කාරනාව සම්බන්ඩව පියවර නොගත්තෙ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 647 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 835 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site