(ඉන්දිකා රාමනායක)
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි. විවිධ අපරාධකරුවන්ගෙන් සහ මංකාල්ලකරුවන්ගෙන්, වාහන සොරුන්ගෙන්,, ගැටකපන්නන් ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ, සාප්පු සවාරි, වැඩි වශයෙන් පිහිටි ප්‍රදේශ වල නිලඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන්ට අමතරව සාමාන්‍ය ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් යොදවා ඇති බවද හෙතෙම පැවසීය.
මෙම කාලය සීමා තුළ ව්‍යාජ නෝට්ටු සංසරණය වීම වැලැක්වීම , ඒවා මහජනය අතට පත්වීමට වැලැක්වීම සම්බන්ධයෙන් ද විශේෂ පොලිසියේ අවදානය යොමු වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
නත්තල් දේව මෙහෙයන් පැවැවෙත සෑම දේවස්ථානයකට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවද හෙතෙම කීය
මෙම කාලය තුළ බස්නාහිර පලාත තුළට පිට ප්‍රදේශවලින් නිලධාරීන් කැඳවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඔවුන් ක්ෂණික මාර්ග බාධක යොදවා පුද්ගලයන් සහ වාහන පරීක්ෂාවන් සිදු කිරීම ද සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උත්සව සමයේ විශේෂ ආරක්ෂාවක්