IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උත්සව සමයේ කේකුත් හිඟ වේ

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )

වෙළඳපොලේ පවතින උග්‍ර බිත්තරයි හිගය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දී කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .

මීට මාසයකට පෙර රුපියල් 1100 කට අලෙවි කළ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා මෙසේ ඉහළ යාමත් සමඟ උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම ද සියයට 25 දක්වා අඩු වී ඇති බවත් ඔහු පැවසයි .

උග්‍ර බිත්තර හිගය නිසා ම උත්සව සමයේ දී කේක් ඉල්ලුම සපුරාලීමට නොහැකිවී ඇතැයි පවසන ජයවර්ධන මහතා මේ වන විට මහා පරිමාණයේ බේකරි කීපයක් හැර කුඩා ප්‍රමාණය බේකරි කේක් නිෂ්පාදනය කිරීම අතහැර දමා ඇතැයිද කීය .

උත්සව සමයේ දී කිසිදු බිත්තර හිගයක් ඇති නොවන බවට බිත්තර නිෂ්පාදකවරුන් ප්‍රකාශ කළත් විශේෂයෙන් උත්සව සමයේදී ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් බිත්තර සැපයීමට ඔවුනට නොහැකි වී ඇතැයි ද ජයවර්ධන මහතා කීය .

 



අදහස් (1)

උත්සව සමයේ කේකුත් හිඟ වේ

Shashika519 Friday, 23 December 2022 02:29 PM

කේක් කිලෝ එකක් හදන්න බිත්තර 10ක් වත් දානවලු

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site