
(අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.
සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
යුද්ධයට පෙර උතුරු පළාතෙන් ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා එම ශක්තිමත් ආර්ථිකය යළි උතුරේ ඇති කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාපනයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
උතුරු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් මීට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ ශක්තිය ජාතික ආර්ථිකයට ඈදා ගන්නවා
Rata Perata Saturday, 11 February 2023 01:44 PM
ශ්‍රී ලංකාව කියන්නේ එක රටක්. ඡන්දෙ ගන්න බයිලා කියන්නේ නැතිව රටම එකතුවෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න.
BamunuarachchiSaturday, 11 February 2023 09:55 PM
කාටද කියන්නේ? ඔයටික කියන්න දෙමළුන්ටයි හම්බ සෙට් එකටයි.
sena Saturday, 11 February 2023 01:44 PM
හැමදාම අරක කරනවා, මේක කරනවා කියනවා විතරයි, කරපු කෙහෙල්මලක් නැහැ...
චන්දන Saturday, 11 February 2023 02:08 PM
යුද්ධයට කලින් උතුර රටේ ආර්ථිකයට දායක වුනේ 13 සංශෝධනය තිබිලද? 13 සංශෝධනය බලාත්මක කළොත් ඔය කිසිම දෙයක් දකුණට ලැබෙන්නේ නැහැ. උතුරේ තියෙන සියලු හමුදා කඳවුරු, බෞද්ධාගමික ස්ථාන ඉවත් කරනවා. දැනටමත් ඒක කරමින් ඉන්න එකේ ඉතුරු ටික දවසින් ඉවරයි. තමුන් ඉතිහාස ගතවෙනවා... ශ්‍රී ලංකාව දෙකඩ කරලා විනාශ කරපු කෙනෙක් හැටියට... හමුදා නිලධාරීන් සටන් කළේ අපරාදෙ කියලා දැනටමත් කියනවා. 13 ක්‍රියාත්මක කරලා ආයේ ලංකාවේ නම් ඉන්න හිතන්න එපා...
සෙනෙවිරත්න Saturday, 11 February 2023 03:19 PM
මෙයාගේ කෙරුවාවල් සේරම අනාගත කාලේ වාක්‍ය තමයි. සමහර ඒවා 2050 දී. මේවා හැබෑවෙනකොට මෙතනන් බාගයක් එලොව, ඒක නිසා සෙල්ලිපියක වත් කොටන්න ඔය වටිනා අදහස්..
Bamunuarachchi Saturday, 11 February 2023 04:55 PM
රනිල් ගොයියා මෙතෙක්කල් නොතිබුණු ආර්ථික ශක්තියක් ඇදගන්න රටෙන් 2/5 බිලිදෙන්නයි හදන්නේ.... ආර්ථික ශක්තියක් හම්බවෙයි රට ෆෙඩරල් වුණාම...
හර්ෂණ Saturday, 11 February 2023 08:17 PM
රනිල් 13 සම්මත කරලා ඉන්දියාවටම යන්න. ආයේ මෙහෙ හිටියොත් ගඩාෆිට වුණු දෙයටත් වඩා දෙයක් වෙලා තමයි ඉවර වෙන්නේ...