IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරු මැද සිසුන්ට දුන් ප්‍රශ්න පත්‍රයක් අවුල්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති.

උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙති.

ඒ අනුව අද 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණියේ ඉගෙණු ලබන  සිසුන්ට පෙනි සිටිමට නියමිතව තිබුනේ ගණිතය විෂයටය.

සිංහල මාධ්‍යයෙන් ගණිත විෂයට පෙනි සිටි සිසුන්ට නිවරැදිව සකස් කරන ලද ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලැබි තිබුණත් දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත,ප්‍රශ්නය නිසි පරිදි තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවට ගුරුවරු චෝදනා කරති.

එම ප්‍රශ්න පත්‍රය තමන්ටද තේරැම් ගත නොහැකි එකක් බවද ඔවුහු පැවසුහ.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ගෙන් සිදුකළ විමසුමේදි මෙසේ පැවසිය “ සිංහල මාධ්‍යයෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රයම තමයි දමිල මාධ්‍යටත් පරිවර්තනය කර තිබෙන්නේ. එහිදි යම් කිසි අඩුපාඩුවක් සිදුවි තිබෙනවා.”මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරනවා. 

 



අදහස් (1)

උතුරු මැද සිසුන්ට දුන් ප්‍රශ්න පත්‍රයක් අවුල්

himal Tuesday, 13 February 2024 11:53 AM

ඉස්සර කාලෙ ඉඳන්ම ඉස්කෝලවල වාර විභාග වල ප්‍රශ්න පත්‍ර වල මොකක් හෝ අඩු පාඩුවක් තිබ්බම ඒක ඒ විභාගේ අතර මැද්දෙදි ශාලාවට කියවලා නිවැරදි කරවනවා, ඒ ගුරුවරු. දැන් ඉස්කෝලෙන් නෙවෙයි නේ ප්‍රශ්න පත්‍ර හදන්නේ. එතකොට ගුරුවරයා විෂය ආවරණය කරලා තිබ්බෙ නැත්නම් මාට්‍ටු වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රයක වැ‍රැද්දක් ආපු ගමන් අර විරෝධය එළියට එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site