IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරේ බොදු සමුළුව ඇරඹෙයි

(සිතුම් චතුරංග)
        
උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථානවල ගැටළු විසඳීම, අන්තර් ආගමික සමූහිකත්වය, සහජීවනය උතුරු පළාත තුළ ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කළ උතුරු පළාත් බොදු සමුළුව අද (29) වවුනියාව බෝධි දක්ෂිණාරම විහාරස්ථානයේ දී පැවැත්විණි.

කැලණිය විශ්වවිද්‍යාල කුලපති වැළමිටියාවේ කුලසධම්ම නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හා සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් බොදු සමුළුව ආරම්භ කෙරිණි.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සංවිධානය කළ මෙම උතුරු පළාත් බොදු සමුළුවෙන් උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථානයන්හි පවතින ගැටළු හා සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම ප‍්‍රධාන අරමුණ වී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත උතුරු පළාත් ආණඩුකාර්යාලය, වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මාතර බෝධි ආරක්ෂක සභාවේ අනුග‍්‍රහය මත මෙම බොදු සමුළුව සංවිධානය කර තිබිණි.

වැඩසටහනට සමගාමීව යුද්ධයෙන් මියගිය සියලු ජනතාව හා රණවිරුවන් සිහිකරමින් භික්ෂූන් වහන්සේලා සඳහා දානමය වැඩසටහනක් ද පැවැත්විණි.



අදහස් (1)

උතුරේ බොදු සමුළුව ඇරඹෙයි

sudath Friday, 29 March 2019 09:22 AM

තවත් ඇස් බැන්දුමක් නොවේවා... !!! 

:       1       126

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site