(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.
ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡා වලට අදාල කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය ගෙන තිබේ.
සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු ද පරිසර අමාත්‍යාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය මගින් ඉදිරියට ගෙන යනු ඇත. ආරම්භ කිරීමට යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙද ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතුද එ් අයුරින් සිදුවීමට නියමිතය.
නිපුණාතවය සහිත හෙදියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස එරටට යැවීම ගැනද ජනපති සිංගප්පූරු සංචාරය අතරතුර සාකච්ඡා කළ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට සිංගප්පුරුවේ විශාල ඉල්ලුමක් පවතින බවද සාකච්ඡාවලදී හෙලිව තිබේ.
එම කටයුතු ද විදේශ රැකියා අමාතයාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වේ.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා යන දෙපාර්ශවයම මෙම කටයුත්තට එකඟ වී ඇති අතර සිංගප්පූරු රජයේ ප්‍රධානීන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉදිරියේදී හමුවී ඉදිරි කටයුතු තීන්දු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු නැගෙනහිර බලශක්තිය සිංගප්පූරුවට යවන්න සාකච්ඡා
Sethuhami Saturday, 26 August 2023 10:52 PM
ඡන්දෙ කිට්ටු වෙන්නයි යන්නේ... තව තව ඒවා කියයි.
විජිත් Sunday, 27 August 2023 06:56 AM
මේකා අමු පිස්සෙක්...!!! කසාගන්න නියපොත්තක්වත් නැහැ... හැබැයි කතාව නම් මහා ජාතියෙන්. මුළු රටම බල ශක්ති අර්බුදයක ගිලිලා... නමුත් කතාව බලශක්තිය රට පටවන්න....
Pradeep KumaraSunday, 27 August 2023 01:05 PM
ඕවට හුරේ දාන මී හරක් ටිකකුත් රටේ ඉන්නවානේ...!
Dinesh Sunday, 27 August 2023 10:55 AM
මේ වගේ මජරයෙක්...! තමන් පාලනය කරන රටට තවමත් විදුලිය දෙන්න බැරුව, සිංගප්පූරුවට විදුලිය දෙන්න කතාව...
සල්ලි Monday, 28 August 2023 07:34 AM
පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ගේනවා කීවා, කෝ ගෙනාවාද ?
Rohana Monday, 28 August 2023 07:59 AM
යමක් කිරීමට පෙර පම්පෝරිගහන්නෙ ඒක කෙරෙන වැඩක් නොවන බවත් ලගදී ඡන්දයක් එන බවත් සිතට ගතයුතුය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකම්ම නොවෙයි.
පූර්ණ Monday, 28 August 2023 11:09 AM
මේ රටේ එවුන්ගෙ කටමැත දෙඩවිල්ල විතරයි.. මහවැලිය හදනකොට මොනවද කිව්වෙ.. අන්තිමට ඉන්දියාවට දෙනව තියා රටේ විදුලි අවශ්‍යතාවයවත් පිරිමහගන්ඩ පුළුවන්ද. එදා වේල, ඒ මොහොත විතරක් දකින මිනිස්සු. පම්පෝරි කාරයින්ටමනෙ මිනිස්සුත් කැමති.
Bamunuarachchi Tuesday, 29 August 2023 04:09 PM
ලොක්කා ඇයි ෆොක්වාගන් කොම්පැනියේ කාර් ටිකත් යවන්න පුළුවන් නේද? මෙහෙ අපිට කාර් වැඩි.