
(අංජුල මහික වීරරත්න)
උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත් වල වසර 30 ක් පුරා පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශ වල වාසය කළ පවුල්වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් හානියට පත් විය. උතුරු හා නැගෙනහිර පළාත් වල 2009 වර්ෂයේ සිට මේ දක්වා පවුල් 274,728 කට අයත් පුද්ගලයින් 914,722 ක් නැවත පදිංචි කර අවසන් කර ඇති අතර ඔවුන් සඳහා 2024 වර්ෂය අවසන් වන විට උතුරු හා නැගෙනහිර පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 8 ක නිවාස 150,488 ක් ඉදි කර ඇත.
එම නිවාස ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් ජාතික සංවිධාන ඇතුළු අනෙකුත් ආයතන මඟින් අරමුදල් සපයනු ලැබ ඇත.
2009 වර්ෂයට පෙර අවතැන් වූ මුල් පවුල් (Core families) සඳහා උතුරු හා නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක 8 ක තවත් නිවාස 16,759 ක් පමණ ඉදිකළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී වර්ග අඩි 550ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,100,000/-ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 650,000/- ක් වශයෙන් තීරණය කරනු ලැබ ඇත.
එහෙත්, ගොඩනැගිලි ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල වර්තමාන මිල ගණන් අනුව වර්ග අඩි 550 ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,600,000/- ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 950,000/- ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ.
ඒ අනුව, 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභියා විසින් ඉදිකිරීමේ පදනම මත රජය මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල පහත සඳහන් පරිදි ඉහළ නැංවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* වර්ග අඩි 550ක නිවසක් ඉදිකිරීම සඳහා රජයේ අරමුදල් මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 1,500,000/- දක්වා වැඩි කිරීම.
* වර්ග අඩි 340 ක නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 900,000/- දක්වා වැඩි කිරීම.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය
Roni Tuesday, 03 June 2025 04:05 PM
ඇයි එහාට විශේෂ සැලකිලි
රුවන් Wednesday, 04 June 2025 10:00 AM
රොනි දන්නේ නෑ තාමත් කුලියට ඉන්නවා දෙමළ, මුස්ලිම් අය ගෙවල් තිබ්බට දැන් ගෙවල් කැඩිලා යුද්ධය හින්දා. තමන් අඩුම උතුරු, නැගෙනහිර ගිහින් තියේද? අපේ ගෙදර වැඩ කරපු ගෑනු කෙනාගේ මුළු පවුලම මැරුවා කෝටි හිටිය ළමයි දෙන්නාගෙන් එක්කෙනෙක් ඉතුරු වුනා කෝටි කදවුරකින් පැනලා ආපු හින්දා අදටත් ගෙයක් නෑ. තියෙන එක රජයෙන් නිදහස් කරලා නෑ. තමන්ට ගෙයක් තියෙන හින්දා අගේ තෙරෙන් නෑ. අඩුම රොනි අපිට වගේ සුනාමියෙන් බැට කාලත් තියෙනවා ද???