IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරේ දරුවෝ 700ක් මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

යාපනයේ පාසල් රැසක සිසු සිසුවියෝ 700 දෙනෙක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පසුගිය 12 වැනිදා පැමිණියහ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා උතුරේ පාසල් සිසු සිසුවියන් මෙපමණ විශාල පිරිසක් පැමිණි පළමු අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මෙසේ පැමිණ ඇත්තේ වඩමාරාච්චි කාන්තා මධ්‍ය විද්‍යාලය, තොන්ඩෛමානාරු වීරකත්තිපිලෛයාර් මහා විද්‍යාලය, වල්වෛ කාන්තා මහා විද්‍යලය, නෙල්ලියඩි මහා විද්‍යාලය, පොලිකන්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසල, උඩුපිට්ටි කාන්තා විද්‍යාලය, විග්නේෂ්වරා විද්‍යාලය, කරවෙට්, වේලායුදම් මහා විද්‍යාලය, වඩමාරාච්චි හින්දු කාන්තා විද්‍යාලය, මෙඩිරිස්තා කාන්තා විද්‍යාලය, කොට්ට්‍රාවත්තෛ විදුහල යන පාසල්වල සිසු සිසුවියන් 700 දෙනෙකි.

මෙම සිසු සිසුවියන්ට පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී සමූහ ඡ්‍යාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද ‍ හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.



අදහස් (0)

උතුරේ දරුවෝ 700ක් මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site