IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරට නූල් කම්හල් පහක්

(රංජන් කස්තුරි)

එරාවුර් නගරයේ නූල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පහක් ස්ථාපිත කිරීමට නියමිත අතර එමගින් නව රැකියා අවස්ථා 20000ක් ඇතිවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසීය.

ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය නූල් වර්ග සම්පූර්ණයෙන්ම මේ වන විට ආනයනය කරන අතර නව කර්මාන්ත ශාලා ආරම්භවීමෙන් පසුව 2026 වසරේදී මෙරට නූල් අවශතාවයෙන් සියයට 30ක් සම්පූර්ණවන බවද ලේකම්වරයා කීය.

මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ව සිට පසුව පුනරුප්ථාපනය වූ තරුණ තරුණියන් 8000ක් උතුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ලෝරන්ස් මහතා පැවසීය.

උතුරේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගෙන් සියයට 80ක්ම කාන්තාවන් බවද ඔවුන් ගෘහයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවද ඔහු කීය.



අදහස් (2)

උතුරට නූල් කම්හල් පහක්

Lalla Wednesday, 17 May 2023 05:12 PM

නූල් නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය 100% ආනයනය කරන්න ඕන. බොහෝ කලක සිටම හොරණ, මොරගහහේන කම්හල ආනයනය කරන අමු නූල් ඇඟලුම් කර්මාන්ත වලට අවශ්‍ය වර්ණ ගැන්වීම කරනවා. තව කම්හල් එනවා නම් හොඳයි...

:       0       12

දිසා / ගම්පහ. Wednesday, 17 May 2023 05:58 PM

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල B O I යටතේ ඇගළුම් ඇතුලු කර්මාන්තශාලා ඇතිකිරීම එම ප්‍රදේශවල පවතින විරැකියාවට විසඳුමක් වන අතර, ද්‍රවිඩ තරුණ තරුණියන් පවතින අසහනයටද විසඳුමක් වනු ඇත...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site