
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා යුද හමුදා සංඥා බළකායට අනුක්ත අයකු බව පොලිසිය කියයි.
සැකකාර සෙබළා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුක්තව රාජකාරී යොදවා සිටින අයකු වන අතර ඉකුත් 20 වෙනි දින නිවාඩු ලබා ඔහු පදිංචි ලුණුගම්වෙහෙර නිවසට ගොස් ආපසු රාජකාරී සඳහා පැමිණීමේදී ජනාධිපති ලේකම් කාර්යාලට ඇතුළු වීමේ මහජන පිවිසුම අසලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සෙබළාගේ ගමන් බෑගය ස්කෑන් යන්ත්‍රය යොදා පරීක්ෂා කර ඇති අතර එහිදී බෑගය තුළ තිබි ටි 56 උණ්ඩය සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
ටී 56 ක් දැනටමත් ඇතුලෙ ඇති කෝප්ප 56 ක. හොඳින් සෝදිසි කරල බලන්න.
තවම වැඩේ අත්හැරලා නැහැ වගෙයි, කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා බවක් පෙනෙනවා. අනුර කුමාර ගාතනය කරලා සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කියලා සම හරක්ට හිතෙන්න පුලුවන් ! නමුත් වෙන්නේ ඒක නොවෙයි කියලා මතක තියා ගත්තොත් හොදයි, මොකද ඊට පස්සේ තමයි සිස්ටම් එක හොදටම දුවන්නේ.
ආරවින්ද ආරවගොඩ,ගැරඬි මරලා පව් පුරවගන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා.
උන්ඩේ විතරක් අරන් ගියේ වෙඩි තියන්න වෙන්න ඇති .මේවා තමයි නිව්ස්
උණ්ඩයක් අරන්ගියේසෙල්ලම් කරන්න වෙන්නැති කවියක් ඇතුලෙ තියනවාද දන්නැ ටික 56 ක් ඇතුළට අරන් යයි සෙබළෙක් නිසා වැඩෙන පහසුවෙන්ම කරන්න පුලුවන් දැඩි අවධානයෙන් ම ඉන්න ඔනෙ