IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ

(සමන් පාලිත නානායක්කාර, ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වයි.

මේ අතර පස්සර බිබිල මාර්ගයේ 187 කනුව ප්‍රදේශයේදී ද පස්කදු කඩා වැටී ඇති අතර එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ඇති බවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක යොදාගැනීමට හැකිවන පරිදි පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි බැකෝ යන්ත්‍ර දෙකක් රඳවා ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර නුවරඑළිය ගලාගම හරහා වැලිමඩ මාර්ගයට කාර්රවුම ප්‍රදේශයේදී විශාල ගල් පෙරලීම නිසා මේ වනවිට එම ස්ථානයෙන් ගමන් කළ හැකි වන්නේ කුඩා වහන වලට පමණක් බවද අඹගස්දෝව පොලිසිය පැවසීය.

එම ස්ථානයේ සිටි අවදානම් නිවසක පදිංචිකරුවන්ද තාවකාලිකව ඉවත් කර තිබෙන බව ආපදා අංශ සඳහන් කළේය.

(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)



අදහස් (0)

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site