IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උඩරට මාර්ග භාවිතයේදී පරිස්සමෙන්

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින  වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකරයේ  මාර්ගවල  රථ වාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කරවන ලෙස එම මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්ගෙන්  නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා   ඉල්ලා සිටී.

පවතින වර්ෂාව හා කඳුකර මාර්ගවල නිරන්තරයෙන් ඇති වන දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් රථ වාහන ධාවනයේදී කඳුකරයේ මාර්ගයන් පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව  පරික්ෂාකාරීව සිදු  කළ යුතු බවද  බණ්ඩාර මහතා පැවැසීය.

කඳුකරයේ මාර්ගවලට නිරන්තරයෙන් ගස්, ගල් හා පස් කඳු කඩා වැටීම් සිදුවන බවත්, එමෙන්ම බොහෝ අවස්ථාවල පවතින දැඩි මීදුම හේතුවෙන් මාර්ගය නිසි ලෙස දර්ශණය නොවන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රථ වාහන ධාවනය කල යුතු බවද බණ්ඩාර මහතා කීය.

 

 



අදහස් (0)

උඩරට මාර්ග භාවිතයේදී පරිස්සමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site