(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල හාලිඇල ප්‍රදේශ වලට ඊයේ (28) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ශාවත් සමග මෙසේ අලුයම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී තිබේ.
මේනිසාවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (29) අලුයම 5.45 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේය .
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල සේවක පිරිස නිරතව සිටින බවත් , මේනිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රියන් අද (29) දින ප්‍රමාද වන බවත් දුම්රිය බළධාරින් කීහ .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උඩරට මඟේ දුම්රිය ප්‍රමාදයක්