(සමන් පාලිත නානායක්කාර,යොහාන් භාසුර සහ ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද  සවස පස් කන්දක් කඩා වැටී  දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.

දැනට බදුල්ල බලා ධාවනය වෙමින් තිබෙන පොඩි මැණිකේ දුම්රිය ඇල්ල දක්වා පමණක් ගොස් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ආපසු හැරවීමට සැලසුම් කර තිබේ.

දුම්රිය මාර්ගයට නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී ද පස් කන්දක් කඩා වැටී ඇති බැවින් එම ස්ථානයේ අවහිර තාව කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.