(ශාන්ත චන්ද්‍රසිරි )
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (05) උදෑසන සිට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වු අංක 1520 දරණ දුම්රිය මෙසේ පීළි පැනීමකට ලක් ඇති බවත්, ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට ගස්, දුරකතන කණු හා පස් කඳු කඩා වැටීම් ද වාර්තා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
දුම්රියේ එන්ජිම සහිත කොටස මෙසේ පීලි පැනීමට ලක් ව ඇති බවත්, ඒ හේතුවෙන් දුම්රිය පීලි ගත කිරීමට යම් කිසි දිඟු කාල වේලාවක් ගත වෙනු ඇති බවත්, දුම්රිය සේවකයන් දුම්රිය පීලී ගත කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගිහු දැඩි දුෂ්කරතවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටිනු දක්නට ලැබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
උඩරට දුම්රිය මඟේ දුම්රියක් පිලී පනී