
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම නිසා උතුරු ගාසා තීරයේ මාස දෙකක් වයසැති පලස්තීන බිළිඳකු මිය ගොස් ඇති බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
මහමුද් ෆටූ නම් මෙම බිළිඳා පසුගිය සිකුරාදා අල් ශිෆා රෝහලේදී මියගොස් ඇති බව පලස්තීන මාධ්‍ය සඳහන් කළේය.
ළමා මරණ වැඩිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා දවස් කිහිපයක් ගතවෙත්ම මෙම මරණය වාර්තා වී තිබෙන බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
අල් ශිෆා රෝහලේ ඇඳක් මත හුස්ම ගැනීමට උත්සාහ දරන එම දරුවාගේ වීඩියෝවක් ලැබී තිබෙන බවත් ඉන් මෙම සිදුවීම තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
බිළිඳා රෝහලට රැගෙන ගිය එක් පරිපූරක වෛද්‍යවරයකු පවසා ඇත්තේ මහමුද්ගේ මරණයට හේතුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළීම බවයි.
දවස් ගණනකින් මහමුද් ළදරු කිරි නොලැබී ඇති බවත් ගාසා තීරය තුළ ළදරු කිරි මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවත් එම පරිපූරක වෛද්‍යවරයා පවසා ඇත.රෝහලට රැගෙන ආ වහාම දැඩි සත්කාර ඒකකයට යොමු කරත් මහමුද්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව රෝහල් බලධාරීහු ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උග්‍ර මන්දපෝෂණයෙන් මාස දෙකේ බිලිදා මරුට