IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි

(යොහාන් භාසුර)

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පැවසීය.

යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා එසේ පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි

Banda Sunday, 28 April 2024 07:46 PM

බොලා හිතන් ඉන්නේ EPF පොලිය වැඩි කළාම අපි ඡන්දේ දෙයි කියලාද? ඒ ගොනා වික්කා...

:       26       81

MalikaMonday, 29 April 2024 06:29 AM

හරියට හරි. ඉස්සර ඒ සල්ලිත් හොරා කෑවා. ඡන්දෙ ලං වුණාම උණුවෙන හදවත් මුන්ට තියෙන්නේ. ගහනවා ඔක්කෝම තුරුම්පු. මුන් දින්නොත් මේවා මාස හයෙන් ආපස්සට ගන්නවා මහා භාණ්ඩාගාරය හිස් කියලා.

:       6       35

Ajith Monday, 29 April 2024 05:49 AM

තව මොනවා මොනවා හරි අපෙන් උදුරාගෙන ඡන්දෙ ළඟ නිසා සහනාධාරයක් දෙයි. මුන් හිතන්නේ මේ පාර අපි රැවටෙයි කියලා

:       5       31

දමින්ද Monday, 29 April 2024 07:52 AM

ඡන්දෙට බරටම වැඩ වගේ. තුන්වේල කන්න නැතිවෙන්න බදු ගහලා ඊපීඑෆ් වැඩිකලාම හරිද?

:       6       30

Jaya Monday, 29 April 2024 08:54 AM

හොඳයි නේ. 30% භාණ්ඩාගාර බිල්පත් අරන් අපිට 13% දුන්නම

:       6       27

sam Monday, 29 April 2024 12:05 PM

ජනතාවනේ අහුවෙන්න එපා.මේක චන්ද ගුන්ඩුවක්.චන්දෙ ගන්න ඕනිම බොරුවක් කියන දේශපාලුවෝ ඉන්න එකම රට

:       4       13

kamal Monday, 29 April 2024 12:45 PM

ජෙප්පන්ට මොනම දෙයක්වත් කරගන්න බෑ. විවේචන පමණයි. රනිල්ට ජය..!

:       17       3

සෙනෙවිරත්න Monday, 29 April 2024 01:48 PM

කමල්, ජෙප්පන්ට විතරක් නෙවෙයි ඔය අරමුදලෙ දායකත්වය, සහ රජයෙ අමන වැඩ නිසා අසාධාරණකම් උනේ, ජෙප්පො කෑගහල ගන්න ඒව හැමෝටම. මෙතන රජයට බැනපු සේරම ජෙප්පො නම් මම හරිිම කැමතියි .

:       3       12

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට
2024 මැයි මස 13 46 0

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අ


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු?
2024 මැයි මස 13 259 0

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කර


නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි
2024 මැයි මස 13 275 0

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි ව


ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි
2024 මැයි මස 13 140 0

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍


ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
2024 මැයි මස 13 350 0

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී ව


හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම්
2024 මැයි මස 13 407 0

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2185 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1879 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site