
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10 දෙනෙකුට එක් පාදයක් හෝ පාද දෙකම අහිමිවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාර හමුවේ තුවාල ලබන ළමයින්ගේ පාද සිරුරෙන් වෙන්කර ඇත්තේ නිර්වින්දන ටිකක් ලබාදී හෝ නිර්වින්දන ලබා දීමකින් තොරව බවද අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. එයට හේතුව වී ඇත්තේ යුද්ධය හේතුවෙන් පලස්තීනයේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි නිර්වින්දන බෙහෙත් නොලැබීම බවද එම පුවත් සේවය පැවැසුවේය.
හමාස් සංවිධානය මීට වසරකට පෙර ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හමාස් සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර ගතවු වසරක කාලය ඇතුළත එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පලස්තීනුවන් 41,615 ක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනයවී ඇතැයි එම පුවත් සේවය පෙන්වා දුන්නේය.
එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන්ගෙන් 16,756 ක් ළමයින් බවත් පසුගිය වසර 20 ක කාලයේදී ගැටුමක් හේතුවෙන් වසරක් තුළ ඝාතනයවූ වැඩිම ළමයින් සංඛ්‍යාව මෙය බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.
එසේම පලස්තීනයේ ළමයින් 17,000 කට මාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී ඇතැයිද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
එසේම පලස්තීනුවන් 97,303 ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවත් ඒ අනුව සෑම පලස්තීනුවන් 23 දෙනෙකුගෙන් එක් අයෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ තුවාලකරුවන් වී ඇති බවත් එම පුවත් සේවය පැවැසුවේය.
ඉන් ආසන්න වශයෙන් 22,500 ක් පමණ නැවත සාමාන්‍ය ජීවිතයට යා නොහැකි පරිද්දෙන් තුවාල ලබා ඇතැයිද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.
තුවාල ලැබූ සහ මියගිය පිරිසට අමතරව තවත් පලස්තීනුවන් 10,000 සුන්බුන් වලට යටවී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවද අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.
COMMENTS
අල් ජසීරා කියන දේවල් සැලකිල්ලෙන් කල්පනා කරන්න.. හැමෝම දන්නවා ඒ ගොල්ලන්ගේ අරමුණ...
ඉල්ලන් කෑවේ පුතා..!
අල් ජසිරා එකෙන් ඊශ්‍රායල් සාමාන්‍ය මිනිස්සු ප්‍රාණ ඇපයට ගත්තු අය ගැන නැද්ද?
ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව. ත්‍රස්ත හමුදාව ලෙස නිවැරැදි විය යුතුයි.
ලෝකයේ ලොකුම දෙවිවරු මරාගන්නවා. දැං මොන දෙවියාද හරි..? ඔවුන්ට ළමයි ගැන අනුකම්පාවක් නැද්ද..? දැන්වත් මේ මිනිසුන්ට සත්‍ය වැටහේවා...! ස්වභාවධර්මය තේරුම් ගැනීමට හැකිවේවා..!
මිනිස් ශිෂ්ඨාචාරය් දියුණුවේ උපරිමයටද දන්නේ නෑ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. මරාගැනීමේ සහ විනාශ කරගැනීමේ කෙළවරක් කවදා අපිට දකින්නට ලැබෙයිද?
ත්‍රස්තවාදීන් යුද්ධය පටන් අරගෙන හැංගෙනවා. අහිංසක ජනතාව මූන දෙනවා. අපේ රටෙත් අවුරුදු 30 ක් තිස්සේ අපි දුක්වින්දේ ත්‍රස්තවාදීන් නිසා. දැන් ඉන්න ළාමක අදහස් ඇති තරුණ කොටස් ඒවා දන්නෙත් නෑ.
ලෝක වානිජ මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලරය වී පවතින තාක් ලෝකයේ යුධ ගැටුම් නවතින්නේ නෑ.
එදා ඊශ්‍රායලයට පහර දෙන්න ප්ලෑන් කරනකොට හමාස් කාරයන්ට හිතුනේ නැද්ද රිටන් එක රහටම හම්බ වෙනවා කියල
ඊශ්‍රායලයට දේවියන්ගේ ශාපය අත්වේවා!!!!
මේවා නම් හෙන ගහන අපරාධ