(විමුක්ති එස් රුද්‍රිගු)
පවතින යුධ වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් පී.අයි.බී.ඒ ආයතනය ඊශ්‍රායලයේ රැදීසිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (19) ප්‍රකාශ කළේය.
ඒ අනුව දැනට විසා කාලය ඉකුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමිවන බවත් වීසා කාණ්ඩ 9 ක් සඳහා මෙම සහනය හිමිවන බවත් තානාපතිවරයා පැවැසුවේය.
දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින 119 කට නැවත ඉක්මනින් ඊශ්‍රායලට පැමිණිය යුතු බවද තානාපති කාර්යාලයට දන්වා තිබෙන බවත් ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත ඔවුන් ඊශ්‍රායලයට එවීම ශ්‍රී ලංකා රජය තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
නැවත ගුවන් ගමන් ආරම්භ වූ වහාම එම පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණ සඳහා අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ලබාදෙන බව ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය තානාපති කාර්යාලයට දන්වා තිබෙන බවද බණ්ඩාර මහතා පැවැසුවේය.
යුද්ධය පටන්ගත් දින සිට ඊශ්‍රායලයට නැවත පැමිණීමේ විසා කල්ඉකුත් වූ කිසිවකුට ඊශ්‍රායලයට නැවත පැමිණීමේදී ගැටළුවක් මතු නොවනු ඇති බවද බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සිවු දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ගන්නා බවත් තානාපති කාර්යාලය දිනපතා ඔවුනගේ තොරතුරු සොයාබලන බවත් තානාපතිවරයා පැවැසුවේය. ඔවුන්ට ඇතිවූ මානසික ආතතිය අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකු ඔවුන්ව හමුවීමට යොමුකොට තිබෙන බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
තානාපති කාර්යාලයට දින 7 ම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවී සිටින බවත් ගැටලුවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට තානාපති කාර්යාලය හා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් බණ්ඩාර මහතා පැවැසුවේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කරයි