
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.
මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.
COMMENTS
රාජපක්ෂ කල්ලිය විසින් විනාශකල උතුර බලාගන්න අපේ නව ජනාධිපතිතුමාත් ගියොත් නේද හොඳ?
මේ ආරංචිය වැරදියි. යුද්ධය කියාත්මක බවත්, එම රටවල් මතින් පියාසර කිරීම අවදානම් බවත් අනතුරු ඇඟවීමක් විය. එසේ නොමැති නම්, මෙම රටවලට ඉහළින් පියාසර කිරීම හෝ නතර කිරීමක් නොමැත. මක්නිසාද යත්, යුද්ධයක් නම්, බොහෝ වාණිජ ගුවන් සමාගම් අවදානම වළක්වා ගැනීම සඳහා පියාසර කිරීම නවත්වයි. ඔබට පියාසර කිරීමට අවශ්ය නම් ඔව් ඔබට පියාසර කළ හැකිය. ඔයාට යුදෙව්වන් පරද්දන්න බැහැ. ඒක අමතක කරන්න.