IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර  ඇතැයි ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ.

ඉදිරි දිනවලදී ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල් තියා දැනුම් දුන් බවත් ඇමෙරිකාව එම තීරණය දිරිමත් නොකෙරූ බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ප්‍රහාරය පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත හෝ ජනාකීර්ණ ප්‍රදේශවෙත පහර නොදෙනු ඇතැයි ඇමෙරිකාව බලාපොරොත්තු වූ බව එරට බලධාරීහු පැවසුහ.

ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා පිළිතුරු දෙන බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් අනතුරු අඟවා පැය කීපයක් යන්නට මත්තෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට සහ ඉස්ෆහාන් නගරයට නැගෙනහිර ප්‍රදේශයකට මෙම මිසයිල එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය තහවුරු කළේය. ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර මෙතෙක් එම ස්ථාන දෙකේ සිදුවූ පිපිරීම් වලින් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.

ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමද මෙම අවස්ථාවේ ප්‍රතික්ෂේප කර ඇත.  ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඉතා ඉක්මණින් කලාපයේ ආරක්ෂක තත්වය නරක අතට හැරිය හැකි බැවින් ආරක්ෂිතව පිටවිය හැකිනම් වහාම ඊශ්‍රායලයෙන් සහ ගසා තීරයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.

ඉරානය පහර දුනහොත් ගුවන් සීමා වසා දැමීමට ලක්විය හැකි බවත් ගුවන් ගමන් අවලංගු විය හැකි බවත් ඕස්ට්‍රේලියා රජය අනතුරු අඟවා ඇත. ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයේ ජාතික සයිබර් අවකාශ මධ්‍යස්ථානයේ ප්‍රකාශක හොසේන් ඩලිරියන් ප්‍රකාශ කර සිටියේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා 3 ක් ඉරාන ආරක්ෂක අංශ විනාශ කර දැමූ බවත් මිසයිල ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බවත්ය.

එසේම ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු පැවැසුවේය.

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ හමුදා ඉලක්ක වලට පමණක් බවත් න්‍යෂ්ටික බලාගාර සහ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් ඊශ්‍රායලය ඇමෙරිකාවට දැනුම් දී තිබූ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වෙත වාර්තා කළේය.

 

ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් වස්තූන් දෙකකට ගුවන් ආරක්ෂණ පද්ධතිය වෙඩි තැබීම හේතුවෙන් ඉස්ෆාහන් පළාතේ පිපිරීම් දෙක සිදුවූ බව ත් ඉන් ඉරානයට කිසිඳු හානියක් සිදු නොවූ බවත් ඉරාන ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අබ්දුල් රහීම් මොසාවි ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් එම විමර්ශනය අවසානයේ සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් දැයි ප්‍රසිද්ධ කරන බවත් මේජර් ජෙනරාල් මොසාවි පැවැසුවේය.එසේම ඉරානය නැවත වරක් ඊශ්‍රායල භූමියට ප්‍රහාර එල්ල නොකරනු ඇතැයි කලාපීය බුද්ධි සේවා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායලය අද(19) සිදුකළ අත්වැරැද්ද වැනි තවත් අත්වැරද්දක් ඉදිරියේදී කළහොත් උපරිම ශක්තිය යොදවා එයට ඉරානය පිළිතුරු දෙනු ඇති බවත් එවිට ඊශ්‍රායලයට පසු තැවීමට සිදුවනු ඇති බවත්ය.

 

 



අදහස් (7)

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්

Perera Friday, 19 April 2024 10:47 AM

තුන්වන ලෝක යුද්ධයේ දොර පඩියේ උඩ වගේ

:       5       90

janahithaFriday, 19 April 2024 11:34 AM

යුද්ධ නැතිව අසරණ වී ඉන්න ජාතියකගේ අනාවැකි...

:       62       26

ජගත් ලියනගේ Friday, 19 April 2024 03:47 PM

කවුරු කවුරුත් තම තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්නන්නේ නැතුව හිටියා නං හොඳයි .

:       1       33

නිහාල් Friday, 19 April 2024 08:29 PM

දැන් පලස්තීනය කළා වගේ දරුවෝ පෙන්න පෙන්න අනුකම්පාව ගන්න පටන් ගනිමු...!

:       19       8

NaushiSaturday, 20 April 2024 02:27 PM

සුනාමි ආපූ වේලාවේ අපි කරපුවා වගේ...!

:       0       0

Don perea Friday, 19 April 2024 09:58 PM

මේ රටවල් දෙකම අපිට අමාරු කාලයේ උදව් කරපු රටවල්...

:       0       0

පැරකුම් Saturday, 20 April 2024 12:36 AM

පුදුම වියයතු නැත. ඇමෙරිකාවට තම ආර්ථිකය නැංවීමට ලෝකයේ කවර හෝ රටක යුදමය තත්වයක් තිබිය යුතුයි. එමගින් යුද ආයුධ වෙළඳපල පවත්වා ගනී. ඇමෙරිකාව සෑමවිටම ලෝක සාමය ඇතිනොවීමට වග බලා ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site