(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එළැඹෙන 7 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනු ඇති බවත් එහිදී ඇමෙරිකානු ජනාධිපති හමුවී ගාසා තීරය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ගාසා තීරය යුද්ධය අවසන් කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස වොෂිංටනයේ බලකිරීම් වර්ධනය වෙමින් පවතින මොහොතක ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ඇමෙරිකානු සංචාරය සිදුවේ.
ජනපති ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සිදුකරන තෙවැනි සංචාරය මෙය වන අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවැති දින 12 ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹ හරියටම දින 14 කින් මෙම සංචාරය සිදුවීමද විශේෂත්වයකි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙනජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී ගාසා තීරය සහ ඉරානය ප්‍රධාන මාතෘකා වෙනු ඇති බවද ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති කාර්යාලය නෙදන්යාහුගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳව තවමත් නිල කාල වකවානු ප්‍රසිද්ධ කර නොමැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි