IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාට තවත් 15 ක් යති

(යොහාන් භාසුර)

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස ලබන 2 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

මෙම කණ්ඩායමත් සමඟ මෙම වසරේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 202 ක් බව ද විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බවත් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (1)

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාට තවත් 15 ක් යති

Nihal Monday, 31 July 2023 03:51 PM

තමන් වැඩ කරන ස්ථානයේ කිසිඳු අකටයුතු දෙයක් නොකරන්න වගබලා ගන්න. රහස් කැමරා "ස්පයි " සවිකර තියෙනවා. සිවිලින් ෆෑන්, බ්ල්බවල හෝ ඔබ නොසිතන තැනක...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site