IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ අරමුණින් එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ක්‍රියාකොට ඇති බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

එජාප සභාපතිවරයා මේ බව කීවේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙන බව කී අබේවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2022 ,2023, 2024 වසර වලදීත් ඒ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බව සඳහන් කළේය.

"එමෙන්ම විනාශ වන මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කර දීමේ අරමුණින් අප මූල්‍ය ආධාර ද සිදුකර තිබෙනවා.

බටහිර ලෝකයද එසේ කටයුතු කරනු ඇතැයි අප සිතනවා.එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගත යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම සිටියා" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා  මෙහිදී කීය.



අදහස් (4)

ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි

Pradeep Kumara Monday, 11 August 2025 09:27 PM

තමන්ගේ ගෙදර ප්‍රශ්න කෝටියක් විතර තියෙද්දී අනුන්ගේ ප්‍රශ්න විසඳන්නයි හදන්නේ. කොහොමත් ලංකාවේ බහුතරයකගේ හැටි ඔහොමනේ...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 12 August 2025 05:47 AM

මොකෝ මේ හදිසිය වජිර? රජය ලවා ඕක කියවල ට්‍රම්ප්ගෙන් බදු වැඩිකරවල රටට කෙලවන්නද? තමුන්නැහැලා හොඳ ස්ථාවර රටක් හදල ගියා නම් අපටත් එහෙම කියන්න තිබුන. දැන් ඔිව නොදැක්ක ගානට ඉන්නයි වෙලා තියෙන්නෙ, මෙහෙ කොල්ලන් දහස් ගණනක් ඊශ්‍රායල් රටේ වැඩ කරල සල්ලි එවනව. ඒව නැති කරගන්නද කියන්නෙ, ඉන්දියාව වත් තවම මොනවත් කියල නැහැ

:       0       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 12 August 2025 08:56 AM

ගාල්ලේ රටට ආදරයක් තියෙන අවංක මිනිස්සු වගේම, මේ වාගේ අමුම අමු මී ගවයෝ කියලා දෙවර්ගයක් ඉන්නවා පිළිගත යුතුයි

:       0       8

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 12 August 2025 09:02 AM

මතකද බොලාගේ මහා එකා කොටියට උතුරු නැගෙනහිර ලියලා දීල රටවල් දෙකක් කරන්න වලිකාපු හැටි. හොඳ වෙලාවට චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවලා රට බේරාගත්තේ. එහෙම නොවුනානම් අදටත් ප්‍රභාකරන්ගෙන් වීසා අරං තමයි උතුරු නැගෙනහිරට යන්න වෙන්නේ. ඇයි හත්වලාමේ ඔහෙට මතක නැතෙයි, ඔළුව කොහේහරි වැදුනැයි?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site