IMG-LOGO

ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්!

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "වන් බිග් බියුටිෆුල් බිල්" ලෙස හඳුන්වන අයවැය පනත් කෙටුම්පත සම්මත වුවහොත් "ඇමෙරිකන්" නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බවත් සෑම ප්‍රාන්තයකම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධවාදියට සහාය ලබාදෙන බවත් බිලියනපති ඊලෝන් මස්ක් සමාජ මාධ්‍ය තුළ තර්ජනාත්මක සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

රජයේ වියදම් අඩුකර යුතු බවට හඬ නගා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන කොංග්‍රස් සාමාජිකයන් ලැජ්ජාවෙන් ඔලුව හංගා ගත යුතු බවත් ඔවුන්ට ලබන වසරේදී අසුන නැතිවනු ඇති බවත් මස්ක් සටහන තබමින් පැවැසුවේය. තමන් එය සහතික කරන බවද මස්ක් ප්‍රකාශ කළේය.

ඊට පැය කීපයකට පසුව නැවත වරක් ඊලෝන් මස්ක් නැවත වරක් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ  "වන් බිග් බියුටිෆුල් බිල්" විකාරරූපී අයවැය පනත් කෙටුම්පතක් බවත් එය සම්මත වුවහොත් දේශපාලන පක්ෂය වහාම පිහිටුවන බවත්ය.



අදහස් (0)

ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site