
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
පුපුරා ගිය ස්ටාර්ෂිප් රොකට්ටුවේ සුන්බුන් අහසේ සිට පොළවට වැටීම හේතුවෙන් මෙක්සිකෝ බොක්ක හරහා පියාසර කළ ගුවන් යානා සියල්ලගේම මාර්ගය වෙනස් කිරීමට බලධාරීන් සිදුවූ බවද පැවැසෙයි. ස්ටාර් ෂිප් රොකට්ටුව පුපුරා යාම හේතුවෙන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි අහසේ උල්කාපත වර්ෂාවක් මෙන් තැඹිලි පැහැති ආලෝක බෝල ඉරි තැළෙන ආකාරය දිස්වූ බවත් ඉන් පසුව අහස ඝන දුමාරයකින් වැසී ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ස්පේස් එක්ස් සමාගමේ දකුණු ටෙක්සාස්හි රොකට්ටු අභ්‍යවකාශගත කරන මධ්‍යස්ථානයෙන් අද (17) එරට වේලාවෙන් පස්වරු 5.38 ට පමණ ස්ටාර්ෂිප් රොකට්ටුව ආදර්ශ චන්ද්‍රිකාවක් සමග අත්හදා බැලීම සඳහා අභ්‍යවකාශගත කර ඇති බවත් අභ්‍යවකාශගත කර විනාඩි 8 කට පසුව රොකට්ටුව පුපුරා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ආදර්ශ චන්ද්‍රිකාවක් සමග ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ආදර්ශ චන්ද්‍රිකාව කාර්ය මණ්ඩලය නොමැතිව අභ්‍යවකාශගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මෙම අත්හදා බැලීම සඳහා ස්පේස් එක්ස් සමාගම ස්ටාර්ෂිප් රොකට්ටුව නවීකරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
මෙම වාරය ස්ටාර්ෂිප් රොකට්ටුවේ හත්වැනි අත්හදා බැලීම වූ අතර ස්ටාර්ෂිප් රොකට්ටුව පුපුරා යාම හේතුවෙන් මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සමහර ගුවන් ගමන් නවතා දැමීමටද ගුවන් තොටුපොළ බලධාරීන්ට සිදුවිය. ස්ටාර්ෂිප් රොකට්ටුවේ සුන්බුන් සමග ගැටෙවී යැයි බියෙන් වාණිජ ගුවන් ගමන් දුසිම් ගනනක් වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යැවීමට සිදුවූ බවත් තවත් ගුවන් ගමන්වල මාර්ගය වෙනස් කිරීමට සිදුවූ බවත් පැවැසෙයි.
හත්වැනි අත්හදා බැලීමද අසාර්ථක වුවත් ඉන් පසුබට නොවන බවත් අටවැනි අත්හදා බැලීමට සූදානම් වීම ඇරැඹු බවත් ස්පේස් එක්ස් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය. ස්ටාර් ෂිප් රොකට්ටුවේ පිපිරීමක් සිදුවුණද බූස්ටරය සාර්ථකව අත්පත් කර ගැනීමට ස්පේස් එක්ස් සමාගමට හැකියාව ලැබී ඇත.
ස්පේස් එක්ස් යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි.
2025 දෙසැම්බර් මස 04
308
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
394
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි
Perera Saturday, 18 January 2025 02:42 AM
මොනතරම් මුදල් නාස්තියක්ද? ඔය සල්ලිවලින් ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට උපකාර කරන්න තිබුණා.
Kazi Shajahan Saturday, 18 January 2025 07:40 AM
ඒ මොකක්ද බ්ලාස්ට් වුණේ...? අපේ චිචියගේ රොකට් එකේ වත් වැදුණද?
Saman Saturday, 18 January 2025 11:40 AM
පුපුරපු ප්‍රවෘත්තියට මේ පින්තූරය ගැලපෙනවාද...? මොකවත්ම නොදන්න මිනිස්සු මේක පිපිරීම කියලා හිතයි. මේ බූස්ටරය පහළට එන එකනේ...