
(නිමල් ජයරත්න )
මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙර ගම ප්‍රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයේ වනජීවී නිලධාරීන් කටයුතු කළහ.
ඉසඩ්. ඇළට වැටී සිටි වන අලි තිදෙනාගෙන් එක් වන අලියෙකු ස්ව උත්සාහයෙන් වෙහෙරගම ප්‍රදේශයෙන් යකඩ පඩි පෙළක් ඔස්සේ ගොඩට පැමිණ දඹගහඋල්පත රක්ෂිතයට පලාගොස් ඇති බව වනජීවී නිලරීහු කියති.
අනිත් අලි දෙදෙනා පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව මැදගම සොරව්ව අසල ඇති කොන්ක්‍රීට් පඩි පෙළක් ඔස්සේ ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පලවා හැරීමට පිඹුරත්තෑව අඩවි කාර්යාලයේ වනජීවි නිලධාරි විසින් පියවර ගනු ලැබූහ.
වෙහෙරගම ප්‍රදේශයෙන් වැටුණු මෙම වන අලි දෙදෙනා ජලයේ සැඩ පහරට කිලෝමීටරයක් පමණ දුරට ගසාගෙන ගොස් පැමිණ තිබේ. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි මෙම වන අලි තිදෙනා එකවර ඉසඩ්.ඩී.ප්‍රධාන ඇළට වැටෙන්නට ඇති බවට සැක කරන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ප්‍රවීෂ් පෙරේරා ,සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉසඩ්.ඩී. ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩට
සමන් - ඕමානය Tuesday, 16 December 2025 04:12 PM
මහවැලි ඉදිකිරීම් වලට පෙර, පරිසර අධ්‍යයන වාර්තා (Environment Impact Assessment) නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ. එම අධ්‍යයනයන් කළා නම්, අලින්ට ඇලෙන් ගොඩ වීමට පඩි, කොන්ක්‍රීට් ඇල කණ්ඩියේ යම් ස්ථාන වල හදන්නට තිබුනා, ඇල දිගේ තැනින් තැන. දැන් වූනත්, යකඩ පීලි ප්‍රයෝජනයට ගෙන, පඩි සාදන්නට පුළුවන්, අවශ්‍ය තැන් වලදී. බලධාරීන්ගේ අවධානය මෙයට යොමු විය යුතුයි.