IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්

(සුජිත් හේවාජුලිගේ)

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී  සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති  සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක්   දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක  මුදල් ත්‍යාගයක්  දෙන  බව පොලිස් මූලස්ථානය පවසයි.

විසිපස් හැවිරිදි සැකකාරිය  සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු  කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකතන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

තොරතුරු දෙන්නන්ගේ රහස්්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම විමර්ශන පවත්වමින්  සිටී.

අතර ඉෂාරා සෙව්වන්දී සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල  ස්ථාන රැසක් පොලිසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළේය.

 

 

 



අදහස් (13)

ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්

පිටිගල මිලානෝ Tuesday, 04 March 2025 07:55 PM

පුන්සිරි සොයිසාගෙන් අහන්න.

:       4       20

නන්දන පනා-මිලානෝ Tuesday, 04 March 2025 08:38 PM

අන්න පුන්සිරි සොයිසා පොලිසියට ගිහින් ලක්ෂ දොළහ ඉල්ලනවලු... එයා තමයි සෙව්වන්දි ගැන මුලින්ම කිව්වේ කියලා.

:       4       15

ඉෂාරා සෙව්වන්දි Tuesday, 04 March 2025 08:47 PM

මේ දවස්වල මා රිලව් ගනිමින් සිටිනවා. හැලි වඳුරෝ එකයි, රිලව් 159යි බූරුවෝ හැටඅට ලක්ෂයයි. රට ඉන්න ගවයෝ ගාන නම් දන්නේ නැහැ. හොඳයි මම බාර වුනොත් මට කීයක් දෙනවාද?

:       6       4

Lalith Tuesday, 04 March 2025 09:45 PM

සෙව්වන්දිම කෝල් එකක් දීලා ඉන්න තැන කිව්වොත් තමයි ඉතින්...

:       0       1

චතුරි Tuesday, 04 March 2025 11:17 PM

මේ වගේ අම්මන්ෆිලා. මේවා කරන්නේ ගුවන්තොටුපළට ගිහින්. එක කෝල් එකයි දැන් මෙයා රටේත් නැහැ. හිටියත් ඉන්නේ පාතාලයට සම්බන්ධ කෙනකුගේ නිවසක. ඒකත් හරි අමාරු දෙයක්... මොවුනෙකාට එකා මරා ගන්නා නිසා. ළඟම හොඳම මිතුරිය හොයා ගත්තා නම්.., හොයන්න ලේසියි..!

:       1       0

ගුණරත්න Wednesday, 05 March 2025 08:08 AM

බු හ හ හා. මේව තමයි බයිලා අලුත්ම නාද බයිලා

:       4       3

C.K.Lankaputhra Wednesday, 05 March 2025 10:22 AM

මං දන්න පුන්සිරියෙක් නැ , නමුත් එක දෙයක් දන්නවා, පොලිසිය ඔත්තු කරුට දෙන ලක්ෂ දොලහ වගේ දෙගුණයක් හාංගාගෙන ඉන්න උදව්කරුට ගෙවන්න පොරොන්දු වෙලා මොකද වෙන්නේ. ඒ ගොල්ලන්ට හොඳට සල්ලි තියනවනෙ.

:       0       4

Duminda Udayakumara Wednesday, 05 March 2025 10:46 AM

මෙයා ජිවත් වෙලා හිටියොත් හුඟත් අයට තර්ජනයක්, ඒ පැත්තෙන් බලන්න මොකද ඔය ගනුදෙනු වල මනුස්සකම් නැ

:       0       0

Jothi Wednesday, 05 March 2025 12:26 PM

කෝල් එකක් දීලා ඉන්න තැන කිව්වොත් තමයි ඉතින්. නැතිනම් කොහේද මේ අය...!

:       0       0

Asanga Wednesday, 05 March 2025 12:30 PM

කෝ අර ආරක්ෂාව ගැන පන්ති පවත්වනවා කියපු කෙනා.

:       0       0

fairoos Wednesday, 05 March 2025 12:45 PM

ලක්ෂ 12ක් නම් මදි.. ත්‍රීවීල් එකක්වත් ගන්න බෑ. අනිත් එක ඊට පස්සේ කියපු කෙනාට ශොට් එකෙන් බේරෙනවා බොරු...

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 05 March 2025 01:49 PM

බංකුවකුත් අරන් බදුල්ල බස් එකට නැග්ගා ටියුෂන් ගන්න යන්න. ආරක්ෂක ඇමැති කමට පැන්ෂන් ගිය රාලහාමි කෙනෙක් දැම්මා නම් මීට වඩා හොඳයි. මෙලෝ රහක් නෑ. බදුල්ලේනේ.

:       0       2

ටානියා Wednesday, 05 March 2025 02:34 PM

ඔත්තුව දුන්නු ගමන් නිව්ස් එක ඩුබායි වලටම යයි... කවුද කිව්වේ කියලා… පුන්සිරි සොයිසා ඔච්චරම කියනවා නම් එයාගෙන්ම අහගන්න. එයා තමයි සෙව්වන්දිත් එක්ක යාළු වෙලා හිටියේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31402 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13656 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11028 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site