
(අජන්ත කුමාර අගලකඩ)
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.
තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .
ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .
ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .
ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය
COMMENTS
නියම පාලනය. ඔක්කොම රිවස්.
මේවට කොහෙන් හිනාවෙන්නද.?
කොහෙන්ද අනේ මේවට හිනාවෙන්නේ.?
රටේ ප්‍රශ්න පැත්තක මේ මිනිස්සු සුපුරුදු දේශපාලන ක්‍රිඩාවේ.
කොච්චර සපෝට් එකක් තියෙනවද කියලා හොඳටම තේරෙනවා.
කාටද පිස්සු, බලා ඉන්න අපිටද පිස්සු.
අවස්ථානුකූලව නම්‍යශීලි වීම වැරදි තීරණයක දරදඬු ලෙස එල්ලී සිටීමට වඩා යහපත්
කරන බොහෝ දේවල් රිවස්
කනට කරලා කිව්වද දන්නේ නැහැ දන්නා දේවල් එළිකරනවා කියලා.
එක්කෝ මට පිස්සු . නැත්තං ඒත් මට පිස්සු .
රටම කෝලම් මඩුවක් වෙලා
රජයේ මොන මොන අඩුපාඩු තිබුනත් පාලන යාන්ත්‍රණයේ රිවස්
මේ වගේ අපත පව්ලක් රට පාලනය කරන කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සර්කස් එකක් වගේ රටම
එයාව හොඳ මානසික රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි වගේ .....
සැබෑම විහිලු කාරයා දැන් නේ බොලේ ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ලොක්කගේ විහිලු මොනව ද අප්පා "ස" ගේ විහිලු ත් එක්ක.
මට තමයි හොඳටම කරන්න පුලුවන් .
අපෝ මෙහෙමත් ආණ්ඩුවක්.
මුන් ඔක්කොම හොරු මල්ලි..... රංජා කිව්වේ ඇත්තටම
රට විනාස කර කර මේ තනතුරු වල දිගටම නිදහසේ ඉන්න තියෙන බලය මේකෙන් පේනවා
දැන් මෙයාව රකින්නේ කවුද කියල පැහැදිලි නේ ? සංයුතිය වෙනස් කර සිදු වූ අපරාද වලටත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඔය ඉහල එක්කෙනා නිසාම තමයි
අවලංගු ගැසට් නිවේදනයකුත් කොහොමටත් ලෑස්ති කරලා තියන්නයි කියල. මෙහම යුද්ධය මෙහයවූවා නම්, කොහොමද වේවි? දැන් රටට සේරම ඔප්පු වෙමින් පවතින්නේ. අගමැති අයියයි ජනාධිපති මල්ලිත් කියනවා ඊළඟ අවුරුදු තුනදී හොඳට කරනවලු. දැන් තේරනව කරන හැටි.
පුරුද්දට මේකත් ලැබුනා!
මේවට මොනවද කියන්නේ කියලා හිතාගන්න බැහැ
හැම දේම රිවස් කෝලං ආණ්ඩුවක්
කෝ මේ සිරිසෙනට කිසිම කෙලින් තීරනයක් ගන්න බෑනේ..ඒකට අපේ සර් හිටියනම්..
පේනවා නේද මේ මනුස්සයට ඉහලින්ම තියෙන සපෝර්ට් එක.
ඇත්ත වශයෙන්ම බැසිල් ඉවත්විය යුතුය,
හොද හොද සෙල්ලං එලි වෙන ජාමේට
රිවස් 2555 වන අවස්ථාව
පිස්සු ඩබල්කරන පිස්සු වැඩ
අනේ මන්දා පිස්සු වගේ. මොනතරම් හොරකම් මැරකම් ගැන දන්නවද දන්නේනෑ. මේතරම්ම බය
මේවට කොහෙන් හිනාවෙන්නද.?
තව දුරටත් අපට ලිට්‍රෝ දැකිය හැක,
හරිම සිරියාවයි.
ගෑස් අර්බුධයට වගක්වයුත්තා හිටපු සභාපති තුමාය. නව සභාපති තුමා ඒ වෙනුවෙන් වගකිවයුතු නැත. ඔන්න ඇත්ත. 69 ලක්ෂයට ම හූ...හූ_හූ හූ...
වෙන රටකනම් මිනිස්සු පාරට බැහැලා
තීරණ දෙකෙන් මොකක් හරි එකක් වැරදි.
ජනාධිපති තුමනි මිනිස්සු හිනස්සන වැඩ කරන්නේ ඇයි මෙච්චර.
ජනාධිපතිතුමාගේ ක්‍රියාව හරි.
ජාතියේ ලිප ගිනි පිපිරුම් තවත් වැඩිවෙයි... ගෑස් පෝලිම් තවත් දික්වෙයි..
මෙච්චර පිස්සු නටන ආණ්ඩුවක් කරන දේවල් දිහා ඔහේ බලබල බැණ බැණ ඉන්නවා ඇරෙන්න විපක්ෂයේ කිසිම පක්ෂයක්වත්, රටේ මිනිස්සුවත් වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව ඉන්න එකයි පුදුමේ. මෝඩ මිනිස්සු ඉන්න රටක් දාලා මම පිටරටක පදිංචියට ආවා... ඒකට පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ.
අපි එදා මහ ලොකුවට හිතාගෙන උදෙන්ම ගිහින් ඡන්දෙ දාලා මෙයාලව තෝරලා පත්කර ගත්තාට මේ ගොල්ලෝ ඔක්කොම එකයි. මේ විදියට බැලුවහම රටේ හැම තීරණයක්ම කෙරෙන්නේ මේ හරියට නිශ්චිතව හොයලා බලාලා නෙමෙයි. ඔහේ එන එන හැටියට හිතෙන හිතෙන විදියට... දැන් නම් මෙයාලාට හරි සිහියක් නැති ගාණයි. නැත්නම් මොන ඉටි ගෙඩියකටද අර විශේෂඥ කමිටුවක් දාලා ගෑස් පිපිරීමට ඔක්කොම හේතු හොයාගෙනත් අදාළ වැරැද්ද කළ උදවිය බේරලා ෂේප් කරගන්නේ. ගෑස් පිපිරීමට ප්‍රධාන හේතුව සංයුතියේ වෙනස් කිරීම. ඒකයි පීඩනය වෙනස් වුනේ. පෙන්නලා දීලත් ඒක නොතේරෙන තොත්ත බබා වගේ ඒ වැරැද්ද කළ මිනිස්සුන්ව රකිනවා...
ගෑස් සම්බන්ධ කතාවේ වෙනම පැත්තක් තියෙන හැඩයි. පරණ සභාපති ඉල්ලා අස්වීම...අලුත් සභාපති පත්වී ටික කලකින්ම ප්‍රශ්නය ආරම්භ වීම, විවිධ පරීක්ෂණ කණ්ඩායම් පත්වීම, වාර්තා පිටවීම, දැනට සිටින සභාපති ඉවත් කිරීම, නැවත පත්කිරීම. සියුම් විග්‍රහයක් අත්‍යාවශ්‍යයි..
ආණ්ඩුව විහිළු සපයනවා හරියට....
බලධාරීන් තුළ ප්‍රඥාවේ හිස්බව පෙන්නුම් කරයි.
කුකුළාට හුණු ගෑවුනාට කමක් නෑ
බල්ලෙක් තම වමනය වෙත ආපසු යන්නාක් මෙන්, මෝඩයා තම මෝඩකම නැවත නැවතත් කරයි!