IMG-LOGO

ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා

(අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

 මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3101ක ආදායම්  ඉලක්කයක් මේ වසර සදහා  රජය බලාපොරොත්තු වෙන බවද මන්ත්‍රීවරයා කීය.

නමුත් මේ වන විට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1643ක් පමණක් බවද අලුත්ගමගේ මහතා පැවසීය.



අදහස් (11)

ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා

Jay Tuesday, 26 September 2023 08:07 PM

ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා මුදල් සොරකම් කළාම මේ ප්‍රශ්නය ඇති වෙනවා

:       0       7

මූසල Tuesday, 26 September 2023 09:14 PM

ජොන්ස්ටං ගෙ අරක්කු බදුටිකයි ගමගේ ගෙ නයටිකයි ගෙවාගෙන ඉස්සල්ල හිටු හිටං

:       0       9

Karumakkaarayaa Tuesday, 26 September 2023 09:40 PM

ගොවිතැන කාලා දැන් වෙන එකක් කන්න පටං අරං

:       0       7

පැරකුම් Tuesday, 26 September 2023 10:14 PM

ඔව් ඉතිං ලොකු ලොකු ව්‍යාපාරික ගජමිතුරන්ගෙන් බදු නොගෙන ඒවට හරියන්න අපට බදු ගහනව. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ ඉන්න හොර මගඩි රැල මලු පුරවගන්නව අපි තැලෙනව පාලකයො නොදැක්ක වගේ ඉන්නව

:       0       12

Nimal Tuesday, 26 September 2023 11:54 PM

තමුසේගේ සේසතෙන් බදු ගැහුවොත් මුළු රටටම ඇති .ඒ තරම් හොරදෙටුවෙක් මූ

:       0       10

Bamunuarachchi Wednesday, 27 September 2023 01:25 AM

ඔව් ඔබම කියනවා අහවල් අහවල් අයගෙන් ආයතන වලින් බදූ ලබාගන්න බැරිඋනා කියලා. ඔබලා නිලදාරී වාදයට යටත්ද? නිලධාරින් පගාව ගෙන වසාදැමු ලිපිගොනු නැවත විවෘත කොට විගනාධිපතිගේ සහයෝගය ඇතිව බදූ අයකර ගැනීමට කටයුතු කරන්න. ඔවුන්ව බේරා ජනතාවට ඒ බදුබර පටවන්න එපා.

:       0       3

Wic Wednesday, 27 September 2023 05:13 AM

Lokka, දැන් ඔයගොල්ලන්ගේ ආදායම කොහොමද?

:       0       6

C.K.Lankaputhra Wednesday, 27 September 2023 07:34 AM

හෙලුවෙන් ඉන්න ඕන අය කලිසන් ඇදගෙන කතා කරන රටක්. රනිල් මහත්තයා හිරේ දාපු දවසෙයි මට නින්ද යන්නේ කියාපු මිනිහා.

:       0       5

nandana Wednesday, 27 September 2023 09:50 AM

තොපි හොරාකාපු දේවල් දීපියව්

:       0       5

aravinda Monarawila Wednesday, 27 September 2023 10:44 AM

මෙයා හිතාගෙන ඉන්නවා ඇත්තේ කොමිස් ගහන විදියට හොරකම් කරන ආදායම් බදුත් එකතු කරගන්න පුළුවන් කියලා වෙන්න ඇති

:       0       8

ගමේ එකාලා Wednesday, 27 September 2023 03:38 PM

දූෂිත දේසපාලුවෝ කරපු මහා පරිමාණ හොරකම් වන්වා,,දූෂණ ,වලින් බදු ගෙව්වානම් රටට මෙහෙම වෙයිද? මේවට වගකියන්ඩ ඕන රටකාපු කාලකන්නි දුශිත දේසපාලුවෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site