(සුජිත් හේවාජුලිගේ )
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන් බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා නොපැවැත්වුවද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවද ඔහු සඳහන් කළේය.
ඉරානය සිය තෙල් අපනයනයෙන් සියයට අනූවක්ම කරන්නේ චීනයටය. මීට අමතරව ඉරානය ඉන්දියාවට සහ ජපානයටද ඉන්ධන අපනයනය කරන බව පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්ධන සැලකිය යුතු ලෙස මිලදී ගන්නා බවද සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව ඉරානයට ඩොලර් මිලියන 80ක පමණ භාණ්ඩ අපනයනය කරන අතර ඉරානයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ ආනයනය කරයි. ඉරානය ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතර සිටින්නේ 61 වැනි ස්ථානයේය.
ඊශ්‍රායලය ඉරානයට ඊයේ (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන් ඉරානයේ ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.
එසේම ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇතැයිද විදෙස් පුවත් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ කළේය. ඊශ්‍රායලය ඉරානයට පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි පැවසේ.
මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම් ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරති.එසේම මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද පවතින බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු
සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්
මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
Ashoka Saturday, 20 April 2024 11:13 AM
ඉරානයෙන් මොනවද බිලියන 10ක බඩු ගෙන්වන්නේ? බලපුවාම ලෝකේ හුඟක් රටවල් වලට බිස්නස් තියෙන්නේ ලංකාවේනේ...
සිල්වා Saturday, 20 April 2024 11:43 AM
වියත් මහාචාර්යතුමනි, බයවෙන්න එපා. වත්මන් ජනාධිපතිවරයාට ජාත්‍යන්තරය ගැන ඉතාම ඉහළ අවබෝධයක් තිබෙනවා...
පාඨකයෙක් Saturday, 20 April 2024 06:22 PM
"ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර" ප්‍රහාරය එල්ල වූයේ ලිබියාවේ නොව, සිරියාවේ ඩැමස්කස් නගරයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යලායටයි...!
Anura Sunday, 21 April 2024 10:02 AM
අපේ අවශ්‍යතාවය ලිබියාවයි. එහි වරදක් නැහැ.