IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ


 
 
(තිළිණි ද සිල්වා) 
 
ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප‍්‍රදේශයේ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශය සඳහන් කර සිටී.


මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප‍්‍රසිඩස් ප‍්‍රනාන්දු නැමැත්තියකි.


ඉරාකයේ ඇමෙරිකා කඳවුරුවල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පවසමින් මෙම සැකකරු විසින් පුද්ගලයින් 8 දෙනෙකුගෙන්  රුපියල් 50,000.00 බැගින් අත්තිකාරම් මුදලක් ලබා ගෙන තිබේ.


සැකකරු පැවසූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් එලෙස අත්තිකාරම් මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් සැකකරුට එරෙහිව කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ. 

 

මෙම සැකකාරිය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝබර් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබූ අතර  බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් ලක්ෂ 5 ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබ ඇත.
 



අදහස් (0)

ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site