IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කළේය.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මගින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් අධ්‍යක්ෂක අමානි ප්‍රකාශ කළේය.

සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවසිය හැකි යැයි අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි පැවසුවේය.

 



අදහස් (1)

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

fairoos Thursday, 18 April 2024 11:06 AM

බොහෝම ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site