IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම යුද උපදේශකයා මෙන්ම ඉරාන හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානියාවූ අලි ෂඩ්මානි ටෙහෙරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මෙන්ම ඉරාන හමුදාවේද අණදෙන නිලධාරියා වූවේද අලි ෂඩ්මානි බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

දින 5 ක් තුළ ඊශ්‍රායල ආරක්ෂා හමුදා විසින් ඉරාන හමුදා ප්‍රධානියා ඝාතනය කර දෙවැනි අවස්ථාවද මෙය වේ.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව පස්වැනි දිනටත් ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් දැඩි මාරාන්තික මිසයිල, ඩ්‍රෝන සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.

පස්වෙනි දිනටත් ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබූ අතර ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවා මූලස්ථානයටත්, අමාන් ගබඩා පහසුකම් මධ්‍යස්ථානයටත් මිසයිල ප්‍රහාරයන්ගෙන් හානි සිදුවූ බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළහ.

එසේම ඉරාන හමුදා ඊශ්‍රායල ගුවන් හමුදාවේ තවත් එෆ්-35 නවීන ප්‍රහාරක ජෙට් යානාවක් ටබ්‍රිස් නගරයේදී බිම දැමූ බවත් එය ඉරාන හමුදා බිම දැමූ ඊශ්‍රායල ආරක්ෂා හමුදාවේ සිවූවැනි එෆ්-35 ප්‍රහාරක ජෙට් යානය බවත් ඉරාන බලධාරීහු සඳහන් කළහ.

ඉරාන හමුදා ඊයේ(17) දිනද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළේය. පස්වෙනි දිනය වනවිට ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 28ක් මියගොස් තවත් 410 ක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායල බලධාරීහු ප්‍රකාශ කළහ. එසේම ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයන් 229 ක් මියගොස් තවත් 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ඉරාන බලධාරීහු පැවැසූහ.

තවත් ප්‍රහාරක ජෙට් යානා රැගෙන යන යුද නෞකාවක් මෙන්ම අමතර හමුදා කණ්ඩ මැද පෙරදිග කාලපයට යැවීමට ඇමෙරිකාව ඊයේ(17) තීරණය කළේය. එම තීරණය ගනිමින් ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල - ඉරාන යුද්ධයට අවශ්‍ය වන්නේ සටන් විරාමයක් නොවන අවසානයක් බවයි.

ඊශ්‍රායලයට ඊයේ(17) ටෙහෙරානයේ සහ ටබ්‍රිස් නගරයේ ස්ථාන කීපයක පිපිරීම් වාර්තා වී තිබිණි. ටෙහෙරානයේ මිලියන 10 ක් පමණ ජනතාවක් වෙසෙන අතර ඉන් බොහෝ පිරිසක් ටෙහෙරානයෙන් ඉවත්විමට උත්සාහ දැරීම හේතුවෙන් දැඩි වාහන තදබදයක්ද නගරයේ වාර්තා වන බව පැවැසෙයි.

මේ වනවිට චීනය ඊශ්‍රායලයේ සිටින සිය වැසියන්ට වහාම ඉවත්වන ලෙස දැනුම්දී ඇති අතර ඇමෙරිකාව ඇවිළෙන ගින්නට පිදුරු දමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටද චෝදනා කර ඇත.

 



අදහස් (1)

ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට

රුවන් Tuesday, 17 June 2025 05:10 PM

මේවා නම් රටේම මිනිස්සු මොසාඩ් එකට ඔත්තු දීලා වගේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 327 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site